Author Archives: Rmahesh

ජ්‍යොතිෂ්‍යයට යොමුවීමේ මනෝ විද්‍යාත්මක පසුබිම(The psychological background to turning to astrology)

අපට ජීවිතයේ ගැටළු කරදර එන විට හෝ එසේ එතැයි සිතෙන විට අපට දැනෙන අනියත බියට කාංසාව (anxiety) යැයි කියනවා. නිදසුනක් ලෙස වැදගත් විභාගයක් අසමත් වූ පසු හෝ එම විභාගයට පෙර කාලය ගමු; එහෙම නැතිනම් විවාහ වීමට යාමේදී මේ විවාහය සාර්ථක වේදැයි එන අවිනිශ්චිතතාවය; ඒ වගේම විවාහ ජීවිතය ගෙවද්දී යම් ගැටළුවක් ආ විට; අසනිපයක් හැදුණු විට…