Obsessive compulsive disorder -O.C.D රෝගය

Obsessive compulsive disorder – OCD

බෞද්ධ පසුබිම

බොහෝ ආගම්වල නීති රාශියක් පැණවීමත් එම නීති ප්‍රශ්ණ කිරීමට ලක් කිරී

මෙන් තොරව පිළි පැදීමත් දක්නට ඇත. මෙසේ මුළු ජීවිතය යනු නීති රාශියකට අවනත වීමයැයි දෘඪ ලෙස සිතන තැනැත්තාට මෙම රෝගය ඇති වීමට ඉඩ ඇත. බෞද්ධ දර්ශණය යනු නීති ඉතා අවම පුද්ගලයාටම තම ජීවිතය ගෙන යාමේ වගකීම පවරන දහමකි. එම නිසා සෛද්ධාන්තිකව බෞද්ධයාට මෙම රෝගයේ බලපෑම අඩු විය යුතුය.

එහෙත් අද බෞද්ධයා හින්දු හා වෙනත් ආගම් වලින් ණයට ගත් නීති සිරිත් වල එල්ලෙමින් සිටින බවක් පෙනෙයි. එම නිසා මෙම තත්වය ප්‍රායෝගිකව දක්නට ඇති දැයි යන්න ගැටළුවකි.

එසේම ගුප්ත දේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීමද මෙම රෝගයට මුලකි. තමන් නිසි පිළිවෙලට ඇඳුම් එකින් එක ගෙන ඇන්දේ නැති නම් හෝ නිවස යම් උපදෙස් අනුව ගොඩ නැංවූයේ නැතිනම් නම් හෝ යම් අපලයක් ඇති වනු ඇතැයි යමෙකු විශ්වාස කරන්නේ නම් එම ගුප්ත විශ්වාසය අනුව හෙතෙම නොයෙකුත් වත් පිළිවෙත් වල යෙදෙන්නට පටන් ගනියි. මෙයද රෝගයට මුලක් විය හැක.