ළමා අපචාර

වහාම කියවීම සඳහා මහජනතාව වෙත නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ භයානකම ළමා අපයෝජකයින්ගේ සවිස්තරාත්මක නාම ලේඛනය – අළුත් නම් දහනවයක් ඇතුලත් කර ඇත.

අළුත්ම දත්ත අනුව සකස් කොට ඇත. නවතම දත්ත හෙළිවන විට විස්තර අළුත් වනු ඇත. මෙම ලියවිල්ල/ වෙබ් පිටුව ඕනෑම මොහොතක සාහසික ලෙස විනාශ කිරීමට ඉඩ ඇති බැවින් වහාම මෙහි ඩිජිටල් පිටපතක් බාගත කොට තමන් සන්තකව තබා ගැනීමට මින් අවවාද කරනු ලැබේ. රතු පැහැයෙන් දක්වා ඇති අපයෝජකයින් තම දක්ෂ වෙස් වළාගැනීම නිසා, මීට කළින් වරදකරු වී තිබුණද, ළමා – මිතුරු වෙසින් පෙනී සිටීම නිතර වාර්තා වෙන සිද්ධියකි. එබැවින් එම අය වඩා භයානක විය හැකි බව සළකන්න. මෙම නාම ලේඛනය අළුත් කිරීම සඳහා මහජනතාවගේ සහාය අවශ්‍යය වන බව කරුණාවෙන් සළකන්න. එබැවින් මෙම විසි දෙනා දුටු හැම විටම දිනය, සිද්ධිය හා නම-ගම, හැකිනම් ඡායාරූප හා වෙනත් සාක්‍යය ද අප වෙත වාර්තා කරන්න. මීට අමතර අපයෝජකයින් ගැන ඔබ දන්නේ නම් එම තොරතුරු ද අප වෙත එවන්නේ නම් එය ජාතික සේවයකි.

1. ළමයාගේ ස්වාධීන බව වෙනුවට කීකරුකම වැඩිය යුතුයැයි කියන පුද්ගලයා

a. නිතර ගැවසෙන තැන්: ජන මාධ්‍යය, පාසැල, අධ්‍යාපනයට අදාළ පරිපාලන/ දේශපාලන/ ප්‍රතිපත්ති සැකසෙන වෙනත් තැන්, පූජනීය ස්ථාන සහ නිවස.

b. හැඳිනීමේ ලකුණු: නොයෙකුත් වයස් කාණ්ඩ ගැහැණු පිරිමි දෙපක්ෂයම බොහෝ විට තමන් ළමයින් ළමා මනෝ විද්‍යාව/ අධ්‍යාපනය/අධ්‍යාපන මනෝ විද්‍යාව/ අපරාධ විද්‍යාව/ සමාජ විද්‍යාව / මනෝ වෛද්‍ය විද්‍යාව ආදිය සම්බන්ධ විශේෂඥයෙකු ලෙස පෙනී සිටීමට කැමතිය. කීකරුකම හා කීකරු දරුවෙකුගෙන් පවුලට රටට වන මහත් වැඩ ගැන ඉතිහාසය/ පැරණි කතා/ සංස්කෘතිය/ ආගම ආදිය හරහා වර්ණනා කරයි. බොහෝ අයට (මුහුණට නොකිවුව ද), විශේෂයෙන්ම තම සමීප අයට, අප්‍රිය කර පුද්ගලයෙකි. නමුත් ප්‍රසිද්ධ වේදිකාවේදී / ජන මාධ්‍යයේදී ජනප්‍රිය ඔපවත් චරිතයකි.

c. හානිය: ළමයා වඩා බලවන්ත අයට බය දුර්වල පුද්ගලයෙකු බවට පත් වීම. බල රහිත/ දුප්පත් / පිටිසර/ ඉංග්‍රීසි හරිහැටි කතා නොකරන පවුල්වල දරුවන් පරම්පරා ගණනක් තිස්සේ බල රහිත මට්ටමමේම තබා ගැනීම.

d. සැළකිය යුතුයි. මෙම අපයෝජකයා සුපිරි ළමා මිතුරු වැඩිහිටියෙකු සේ පෙනී සිටීමට ඉතා දක්ෂයි. ළමා අපයෝජන ගැන කතා කිරීමට බෙහෙවින් කැමතියි. එම නිසා ළමයින්ට ඔවදන් දීමට අවස්ථාව ලැබෙයි. ළමයාට පෙනෙන්නේද ළමා මිතුරු වැඩිහිටියෙකු සේ විය හැක.

e. උදාහරණ : නොතළා හදන දරුවා හැඳි නොගා හදන හොද්ද මෙනි’ යනුවෙන් වැදි බණ කියමින් කීකරු දරුවන් හදන හැටි දේශණා කරන වියත් යැයි කියා ගන්නා අයෙකු, ‘ ඒ කාලේ ගුරුවරු අපට ගහලා හදපු නිසානේ අද අපි මේ වගේ යසට ඉන්නේ’ යැයි කියන වැඩිහිටියා, තමන් දෙන ඕනෑම අණක් එසැණින් ක්‍රියාත්මක කරන තම දරුවා ගැන ආඩම්බර වන මවුපියා, මගේ දරුවා අනේ එහෙම නැතැයි කියා වැළපෙන මවුපියා.

3. ළමයාගේ සෘජු බව විනාශ කරන ගුරුවරයා

a. නිතර ගැවසෙන තැන්: පාසැල, පෞද්ගලික අධ්‍යාපන ආයතන, දහම් පාසැල, අධ්‍යාපනයට අදාළ පරිපාලන/ දේශපාලන/ ප්‍රතිපත්ති සැකසෙන වෙනත් තැන්.

b. හැඳිනීමේ ලකුණු: ගුරු තනතුර විධිමත්ව හෝ අවිධිමත්ව හොබවන ගැහැණු හෝ පිරිමි කෙනෙකු. ගුරුවරයා අකමැති දෙයක් ළමයා කළ සැණෙන් එය කෙසේ හෝ වළකයි. තමන් කැමති සහ තමන්ට මෙල්ල වන ළමයින් හොඳ / දක්ෂ පාසැල් නම රකින ළමයින් ලෙසත් අකමැති තමන්ට මෙල්ල නොවන ළමයින් නරක ළමයින් ලෙසත් වර්ග කරයි. දඬුවම්/ අවමන් කිරීම් නිතර ළමයා මෙල්ල කිරීමට භාවිතා කරයි. නිතර ළමයා පරීක්ෂා කරයි. නිතරම ළමයා විනිශ්චය කරයි. ළමයා තනිව ගන්නා සෑම තීරණයක්ම වැරදි තීරණයක් ලෙස දකියි.

c. හානිය: ස්වාධීන බව මැරී ගිය කොන්ද පණ නැති අයෙකු බවට ළමයා පත් වෙයි. ළමයාව බලා කියා ගැනීම ඉතා පහසු වෙයි.සුළු තීරණයක් පවා ගන්නේ අන් අයගෙන් අසාය. තමන් කැමති කුමක්දැයි කීමට ඉඩ දුන්නද එය පැවසීමට අපහසු බව පෙනෙයි. ළමයාගේ ඇස් වලින් ටිකින් ටික ප්‍රබෝධයේ නොනිමෙන දැල්ල අතුරුදන් වී යයි. වියත් සබා මැද/ නගර මධ්‍යයේ/ කාර්යාලය තුළ විශ්ව විද්‍යාලයේදී ඇකිළෙන ස්වභාවයක් පෙන්වයි. බල රහිත/ දුප්පත් / පිටිසර/ ඉංග්‍රීසි හරි හැටි කතා නොකරන පවුල්වල දරුවන් පරම්පරා ගණනක් තිස්සේ බල රහිත මට්ටමමේම තබා ගැනීමද හානි ලැයිස්තුවට අදාළය.

d. සැළකිය යුතුයි: ඉතාම සුලබ ලෙස දැකිය හැකි අපයෝජකයෙකි. මෙම ගුරුවරයා බොහෝ විට තමන් අන් ගුරුවරයිනට වඩා සාර්ථක/ හොඳ ගුරුවරයෙකු යැයි සිතයි; එසේ කියයි. ළමයිනට නිතර පෙර මග පෙන්වා දිය යුතු බව, ළමයිනට තීරණ කිසිවක් ගත නොහැකි බව, ළමයින්ගේ මොළය මෝරා නැති බව, ළමයිනට අත් දැකීම් නොමැති බව, වැඩිහිටියන්ට මහත් වූ අත්දැකීම් ඇති බව විස්වාස කරයි; එසේ කියයි. සෑම අවස්ථාවකදීම වැඩිහිටියෙකු ගන්නා තීරණය හරි බවත් දරුවෙකු ගන්නා තීරණය වැරදි බවත් සිතයි. වැඩිහිටියන් හොඳ නරක දන්නා බව කියයි; එහෙත් වැඩිහිටියන් දෙදෙනෙකු යම් කරුණත හොඳ නරක ගැන වෙනස් මත දැරීම තුළින් තම ර්තකය බිඳී යන බව නොදකියි. ළමයිනට බෙහෙවින් අප්‍රිය ගුරුවරයෙකි.

e. උදාහරණ: ළමයා පොත් වලට කවර දැමූ ක්‍රමය වැරදි යැයි නැවත තම උපදෙස් පරිදි කවර දැමීමට නියෝග කරන ගුරුවරයා/ වරිය, තමන් කියන්නට පෙර පෙළ පොතේ ඊළඟ පාඩම කියවූයේ යැයි ගෝරනාඩු කරන ගුරවරයා / වරිය, පාසැල් උත්සවයකදී තමන් සියළු තීරණ ගෙන ළමුන් ඒවා ක්‍රියාත්මක කිරීමට පමණක් සහභාගි කරවා ගන්නා ගුරුවරයා/ වරිය, ‘ඔයාට ඉතින් කවද්ද ගණං පුළුවන් වුණේ යැයි ගරහන ගුරුවරයා / වරිය.

3. ළමයාගේ සෘජු බව විනාශ කරන මවුපියා:

a. නිතර ගැවසෙන තැන්: නිවස.

b. හැඳිනීමේ ලකුණු: මව/පියා හෝ එම තනතුර තාවකාලිකව හෝ දිගු කාලීනව උසුලන ආ වී/ මාමා/ මෙහෙකාරිය වැනි අයකු. තමන් අකමැති දෙයක් ළමයා කළ සැණෙන් එය කෙසේ හෝ වළකයි. නිතරම ‘ එපා එපා එපා’ කියයි. නීති රාශියක් පනවයි. දඬුවම්/ අවමන් කිරීම නිතර ළමයා මෙල්ල කිරීමට භාවිතා කරයි. නිතර ළමයා පරීක්‍ෂා කරයි. නිතරම ළමයා විනිශ්චය කරයි. ළමයා තනිව ගන්නා සෑම තීරණයක්ම වැරදි තීරණයක් ලෙස දකියි.

c. හානිය: ස්වාධීන බව මැරී ගිය කොන්ද පණ නැති අයෙකු බවට ළමයා පත් වෙයි. ළමයාව බලා කියා ගැනීම ඉතා පහසු වෙයි.සුළු තීරණයක් පවා ගන්නේ අන් අයගෙන් අසාය. තමන් කැමති කුමක්දැයි කීමට ඉඩ දුන්නද එය පැවසීමට අපහසු බව පෙනෙයි. ළමයාගේ ඇස්වලින් ටිකින් ටික ප්‍රබෝධයේ නොනිමෙන දැල්ල අතුරුදන් වී යයි. වියත් සබා මැද/ නගර මධ්‍යයේ කාර්යාලය තුළ විශ්ව විද්‍යාලයේදී ඇකිළෙන ස්වභාවයක් පෙන්වයි. බල රහිත පවුල්වල දරුවන් මීළඟ පරම්පරාවේදී ද එසේම බල රහිත මට්ටමමෙම තබා ගැනීමද හානි ලැයිස්තුවට අදාළය.

d. සැළකිය යුතුයි: ඉතාම සුලබ ලෙස, විශේෂයෙන්ම මවුවරු තුළ, දැකිය හැකි අපයෝජකයෙකි. මෙම මවුපියා බොහෝ විට තමන් අන් මවුපියනට වඩා සාර්ථක/ හොඳ මවුපියකු යැයි සිතයි; එසේ කියයි. ළමයිනට නිතර පෙර මග පෙන්වා දිය යුතු බව, ළමයිනට තීරණ කිසිවක් ගත නොහැකි බව, ළමයින්ගේ මොළය මෝරා නැති බව, ළමයිනට අත්දැකීම් නොමැති බව, වැඩිහිටියන්ට මහත් වූ අත්ත්දැකීම් ඇති බව විස්වාස කරයි; එසේ කියයි. සෑම අවස්ථාවකදීම වැඩිහිටියෙකු ගන්නා තීරණය හරි බවත් දරුවෙකු ගන්නා තීරණය වැරදි බවත් සිතයි. වැඩිහිටියන් හොඳ නරක දන්නා බව කියයි. එහෙත් වැඩිහිටියන් දෙදෙනෙකු යම් කරුණත හොඳ නරක ගැන වෙනස් මත දැරීම තුළින් තම තර්කය බිඳී යන බව නොදකියි.

e. උදාහරණ: පොඩි වැඩි යැයි කියමින් ගින්දර පත්තු කිරීමට දිගින් දිගටම ළමයාට ඉඩ නොදෙන මවු පියා, ‘ලොකු වුණාම එයාට කැමති විදයකට ඉන්න පුළුවන් – එත් දැන් එහෙම බැහැ යැයි කියන මවුපියා.

4. ළමයාගේ සෘජු බව විනාශ කරන අවශේෂ පුද්ගලයා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

5. තමාගේ අසහනය නිසා නිතර ළමයාට දඬුවම් කරන පුද්ගලයා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

6. එයින් තීරණ ගත නොහැකි දුබලයන් ලෙස පෙන්වන පුද්ගලයා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

7. අපයෝජනය වූළමයින්ගේ කතා හා පින්තූර පෙන්වමින් ළමුන් බිය ගන්වන පුද්ගලයා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

8. අපයෝජනය වූළමයින්ගේ කතා හා පින්තූර පෙන්වමින් මවුපියන් බිය ගන්වන පුද්ගලයා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

9. අපයෝජනයට හෝ වෙනත් අකර තැබ්බයකට ලක් වූ ළමයා සදහටම විනාශ වූවෙකු ලෙස හංවඩු ගහන පුද්ගලයා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

10. හංවඩු ගැහුණු ළමයෙකු අපයෝජනය කරන එක එතරම් වරදකි නොවෙතියි සිතන පුද්ගලයා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

11. ළමයින් සතුටෙන් සිටිනු දැකීම අප්‍රිය කරන පුද්ගලයා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

12. ළමයින්ගේ දුක නොදකින පුද්ගලයා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

13. තමාට බැරිවුණු දේ තම ළමයාගෙන් බලාපොරොත්තුවන මවුපියා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

14. ආදරය වෙනුවට තම ළමයාට අයිතිය ප්‍රකාශ කරන මවුපියා/ තම ළමයාට හැර අන් ළමයිනට ආදරය කිරීමට නොහැකි මවුපියා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

15. ළමයිනට සිගරට්/ අරක්කු ගැන ආසා හිතෙන ප්‍රතිරූපයක් මැවීමට උදවු දෙන පුද්ගලයා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

16. ළමයින් හරහා වෙළඳ භාණ්ඩ විකිණීමට තැත් කරන පුද්ගලයා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

17. ළමයින් අනවශ්‍ය ලෙස මාධ්‍ය වලට නිරාවරණය කරන පුද්ගලයා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

18. මද්‍යසාර/ සිගරට් කර්මාන්තයේ ගැට වලට හසු වී ළමයින්ට දුක් දෙන පියා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

19. මද්‍යසාර/ සිගරට් හරහා පියවරු විනාශ කිරීමට රුකුල් දෙන පුද්ගලයා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

20. ළමයාව ලිංගිකව/ මානසිකව/ කායිකව අපයෝජනය කරන පුද්ගලයා: පොලිස් වාර්තා හා ළමයින් සම්බන්ධ වෙනත් වාර්තා, ජන මාධ්‍යය කියවා තොරතුරු සොයා ගන්න..

21. ඉහත අපයෝජකයින් ගැන පැමිණිලි කළ විට නිහඬව සිටින පුද්ගලයා: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.

22. රැකීමට තමනට බාර වුණු ළමයින් අපයෝජනයට ලක් කරන නිළධාරියා/ නිළධාරිනිය: තවමත් තොරතුරු සකස් කරගෙන යයි.