බුදු දහම සහ මේනියාව/ විෂාදය:
මෙම රෝග තත්ව දෙකම කායික රෝග මෙන්ම ප්‍රතිකාර කළ යුතු රෝග දෙකකි. මේවා කෙනෙකුට ඇත්නම් නිසි ප්‍රතිකාර ගෙන සුවය ලබා දහම අවබෝධ කර ගැනීමට යාම කළ හැක.
බුදු දහමේ එන මානය හා මේ රෝග අතර යම් සබඳතාවයක් ඇති බවක් කෙනෙකුට සිතිය හැක. සෙය්‍යා මානය යනු තමන් අන් අයට වඩා උසස් කොට සිතීමයි. මෙය මේනියාවෙදී දැකිය හැක. හීන මානය යනු තමන් අන් අයට වඩා පහත් යැයි සිතීමයි. මෙය විෂාදයේදී දැකිය හැක.
නමුත් සමාජයේ හැම කෙනාටම මෙම මානය ඇත. තමා අන් අයට සමාන කොට සිතීමද මානයයි – එය සදෘශ මානයයි. මේ සියල්ල බුදු දහම අනුව කෙළෙස් වෙයි. මැනීමම ක් ක්ලේසයකි. නමුත් අපි හැමෝම මැනීම සිදු කරමු. එම නිසා මෙය ක්ලේසයක් මිස රෝග ලකුණක් ලෙස දැකිය නොයුතුය.
මේ නියාවේදී හා විෂාදයේදී සිදුවන්නේ මෙම මැනීම ඉතා ප්‍රබලව පුද්ගලයාට දැනීමට පටන් ගැනීමයි.



