මද්‍යසාර භාවිතයෙන් ඇතිවන රෝග

මද්‍යසාර භාවිතයෙන් ඇතිවන රෝග

සැළකිය යුතුයි: අප රටේ මද්‍යසාර භාවිතය ඉහළ පහළ යන මුත් මෙහි සඳහන් කරන ලෙස එන්න එන්න ඉහළ යන්නේ නැත. ලෝකයේ අනෙක් රටවල් හා සැසඳූ කළ ලංකාව සැළකෙන්නේ අඩු මද්‍යසාර භාවිත කරන රටක් ලෙසය.

බුදු දහම:

සමාජයේ සමස්ත මද්‍යසාර භාවිතය අඩු නම් එම සමාජයේ මද්‍යසාර රෝග අඩුය. සමාජයේ මද්‍යසාර භාවිතය වැඩි නම් එම සමාජයේ මද්‍යසාර රෝග වැඩිය.

16 වන සියවස කළ ලියැවුණු රොබට් නොක්ස්ගේ ලංකාව ගැන කියැවෙන පොතේ සඳහන් වන්නේ සිංහළයා මද්‍යසාර කලාතුරකින් පාවිච්චි කළ මුත් එසේ කළේ අන් අයගේන සැඟවී බවයි. බුදු සමය මෙසේ මද්‍යසාර පිළිකුල් සහගත පුරුද්දක ලෙස සමාජයට ඒත්තු ගැන්වීමට දායක වන්න ඇත. අදත් විද්‍යාත්මක පර්යේෂණ වලින් පෙනෙන්නේ මද්‍යසාර දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ආගම් සංස්කෘතීන් තුළ මද්‍යසාර භාවිතය හා රෝග ප්‍රවණතාවය අඩු බවයි.

ඉංග්‍රීසි ආක්‍රමණයෙන් පසු බුදු දහම ඔවුන් විසින් යටපත් කිරීම හා සියුම් ලෙස එය විකෘති කිරීම හේතුවෙන් සහ හිතාමතා මද්‍යසාර ජනප්‍රිය කරවීමෙන් අද වන මද්‍යාසර නොබී සිටීම සමාජයෙන් කොන්වන දෙයක් බවට පත් වී ඇත. මද්‍යසාර පිළි නොගන්වන මගුල් උත්සවය අපහාසයට හේතුවක් වී ඇත. ඉතා හොඳ බෞද්ධයන් යැයි කියා ගන්නා අයත් ටිකක් බීවාට කමක් නැත යන පදනමේ සිටිති.