වෛද්‍ය මහේෂ් රාජසූරිය
ඔහු දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකුසේද කොළඹ, ශ්‍රී ලංකා ජාතික රෝහලේ 59 වාට්ටුවේ විශ්ව විද්‍යාලයීය මනෝ වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයෙකුසේද රාජකාරි කරයි.
ප්‍රශ්ණය:
ආතතිය, stress, මානසික පීඩනය, tension, අවපීඩනය, anxiety ආදී වචනවලින් කියැවෙන දේ මොකද්ද? නැතිනම් අප මේ වචන ඔක්කොම පටලවාගෙනද?
පිළිතුර:
ටිකක් දුරට පටලවාගෙන තමයි කීවාට වරදක් නැහැ. මේ වචන වලින් විද්‍යාත්මකව පැහැදිලි තේරුමක් තියෙන වචන තුනක් තියෙනවා. ඒ තමයි ආතතිය, ක්ලමථය හා කාංසාව. නැතිනම් tension, stress සහ anxiety කියන ඉංගිරිසි වදන් තුන. මේ වචන තුන ගැන ඉගෙන ගත් විට ඔය පටලැවිල්ල මුළුමනින්ම වාගේ මහ හැරරේවි.
ප්‍රශ්ණය:
එහෙනම් අපි මුලින්ම කතා කරන්නේ කොයි වචනය ගැනද?
පිළිතුර:
ක්ලමථය හෙවත් stress. මෙහ තේරුම පහදන්න කලින් මට තව වචන දෙකක් ගැන කියන්න අවසර. ඒ තමයි ක්ලමථ ජනකය (stressor) සහ ඊට ප්‍රතිචාරය (reaction to stressor) කියන වදන් දෙක. මුලින්ම අපි බලමු ක්ලමථ ජනකය යන්න.
ක්ලමථ ජනකය කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙකු තුළ අපහසුතාවයක්, මානසිකව වේවා, කායිකව වේවා, හෝ මානසික හා කායික යන දෙඅංශයෙන්ම වේවා, පීඩනයක්, නොසන්සුන් බවක්, හිරිහැරයක් ඇති කරන ඕනෑම සිදුවීමක්. නිදසුනක් ලෙස රැකියාව අහිමි වීම හෝ අදරැතියෙකු මිය යාම. ඒ විතරක් නෙවේ, පාරේ යද්දී පය ගලක හැපීම, බසයේදී කොන්දොස්තරතැන සමග පටලැවීම, විබාගයක් ලඟ ඒම හෝ විබාගයකින් අසමත් වීම වැනි මේ ඕනෑම දෙයක් ක්ලමථ ජනකයක් වෙනවා. කොටින්ම බඩගින්න හා පිපාසය පවා.
ඒ වගේම සුබයි, අපූරුයි කියලා බැලූ බැල්මට පෙනෙන දේවලුත් ක්ලමථ ජනක හැටියට ගැනෙනවා. හොඳ උදාහරණයක් විවාහය. ඒ වාගේම නව රැකියාවක් ඇරඹීම හෝ උසස්වීමක් ලැබීම. එසේම සුබ අසුබ කියලා බැලූ බැල්මට කිව නොහැකි සමහර දේත් මේ ගණයට වැටෙනවා. එනම් වෛද්‍යවරයෙකු මුණ ගැසීමට යාම, දුම්රියට ගොඩවීමට සැරසීම විතරක් නෙවේ කතා කිරීම, වැඩට යාමට පිටත් වීම වැනි දේත් ක්ලමථ ජනක. ඒ වගේම අමතක කරන්න එපා අපේම සිතුවිලිත් ක්ලමථ ජනක ලෙස ක්‍රියා කරන බව. එනම් ඔබට එක විටම සැක සිතෙන්න පුළුවන් ගෙදර යතුර දොරේ තබා වැඩට ආ බව. නැතිනම් විදුලි ඉස්තිරික්කය නොනිවා පැමිණි බව. එහෙමත් නැතිනම් අනාගතය ගැන යම් බයක්. මේ සිතුවිලි බොහෝ විට ඇත්ත කතාව නෙමේ. ඒත් ඒ සිතුවිල්ල සිත තුළ සැරි සැරීම ක්ලමථ ජනකයක්.

කන්තෝරුවට යනවා. මේ එකිනෙකට වෙනස් ප්‍රතිචාර දෙකක්. බැලූ බැල්මටම පළවෙනි ප්‍රතිචාරය එම පුද්ගලයාගේ හිතසුව පිණිස නොවන බවත් දෙවැන්න හිත සුව පිණිස වන බවත් පෙනෙනවා.
මේ දැක්ම අනුව ක්ලමථ ජනකයට දක්වන ප්‍රතිචාර දෙවගයක් තියෙනවා. එනම් නිසි ප්‍රතිචාර හා අනිසි ප්‍රතිචාර වශයෙන්. සමහර ඒවා එක වරම නිසිද අනිසිද කියන්න අමාරුයි. උදාහරණයක් ලෙස විබාගය වසරකින් කල් දැමීම.
ප්‍රශ්ණය:
නමුත් අඬා වැලපීම අනිසි ප්‍රතිචාරයක් නොවේද?
පිළිතුර:
අඬා වැලපීම අනිසි ප්‍රතිචාරයක්ම බව කිව නොහැකියි. ඇඬීම අපේ ශෝකය වැනි භාවයන් මදක් සමනය කර ගැනීමට උදවුවක් වෙනවා. පය ගලක වැදී හොඳටම රිදුණු විට කෙනෙකු උඩ පැන පැන කෑ මොර දීම වේදනාව සමග ඇති වුණා වූ තරහත් ඒ වගේම වේදනාවත් මදක් පහ කර ගැනීමට නිසි පිළියමක් විය හැකියි. නමුත් ඇඟිල්ල කැඩී ලේ ගලන විට නම් පාරේ ගල දැමූ කෙනා සිහි කරමින් කෑ ගැසීමට හෝ උඩ පැනීමට වඩා ඉක්මණටම වෛද්‍යවරයෙකු මුණ ගැසීම නිසි ප්‍රතිචාරය බව අපට පෙනෙනවා. ඒ වගේම දින ගණන් කාමරයට වී හැඬීම විබාගයක් අසමත් වීමට දක්වන අනිසි ප්‍රතිචාරයක් බවත් අපට පෙනෙනවා.

ඒක නිසි ප්‍රතිචාරයක් ද? ආදරයක් කැඩීමට නේ ඒ අම්මා මාන බලන්නේ?
පිළිතුර:
මම මෙතැන නිසි අනිසි කියන වදන් දෙක පාවිච්චි කරන්නේ අදාළ පුද්ගලයාට හා එම පුද්ගලයාගේ මතු දියුණුවට මෙය සුදුසුද, යහපත් පලයක් ගෙන දෙයිද නැතිනම් නුසුදුසුද, අයහපත් පලයක් ගෙන දෙයිද යන කාරණාකාරණා බලලයි. ඉතින් එහෙම බැලුවම මේ අම්මා දක්වන්නේ ඇයට අදාලව නම් නිසි ප්‍රතිචාරයක්.
ප්‍රශ්ණය:
එහෙම බැලුවොත් ඇත්ත තමයි. ඒ වගේම ඒක බොහොම සියුම්, බුද්ධිමත්, දුරබලා ගත් පියවරක් වෙනවා නේද? මේ ක්‍රමය මටත් දිනක ඉගෙන ගන්න ආසයි!
පිළිතුර:
හරියටම හරි. ක්ලමථ ජනකය නව මුහුණුවරකින් දැකීම (reappraisal) තමයි ඔය කියන ක්‍රමය. මෙය හිතා මතා තම සහ අන් අය හිත සුව පිණිස කරන්නේ නම් එය සැබෑ හපන් කමක්. එම තාක්‍ෂණය කියා දිය හැකි තාක්‍ෂණයක්. සහ ලබා ගත යුතු තාක්‍ෂණයක්. සහ අප තුළ නිතැතින්ම යම් මට්ටමකට හෝ තියෙන දෙයක්.
ප්‍රශ්ණය:
දැන් අපට ආපහු මුලටම යන්න වෙලා. එතකොට ක්ලමථය කියන‍්නේ මොකද්ද? ක්ලමථ ජනකය අපි දන්නවා. ඊට දක්වන ප්‍රතිචාරයත් තේරෙණවා. ක්ලමථය කියන්නේ ඔය දෙකම නැතුව අන් දෙයක්ද?
පිළිතුර:
නැහැ. ඇත්තටම ක්ලමථය කියන්නේ ඔය දෙකේම එකතුවටයි. ඒක ටිකක් පැටලිළි සහගතයි වගේ නේද? ආයිත් මම කියන්නම්: ක්ලමථය කියන්නේ ක්ලමථය ඇති කිරීමට හේතුවත්, එනම් ක්ලමථ ජනකයත් ඊට අපි දක්වන ප්‍රතිචාරයත් දෙකම එකට ගත් කලයි. මේක ටිකක් සිතා බැලිය යුතු කාරණයක්.
ප්‍රශ්ණය:
පොඩි අපැහැදිලි ගතියක් තියනවා වගේ. මම මෙහෙම කිවුවොත් හරිද? ක්ලමථය යන්න අරුත් දැක්වීමේදී ඔබ කියන්නේ ක්ලමථයට මුල් වූ හේතුව විතරක් නෙමෙයි වැදගත්.
පිළිතුර:
හරිටම හරි. සමහර විට ක්ලමථ ජනකයට අප දක්වන ප්‍රතිචාරය ක්ලමථ ජනකයට වඩා වැදගත් වෙනවා. ඒ අනුව ක්ලමථයේ පමණ තීරණය විය හැකියි.
ප්‍රශ්ණය:
උදාහරණයකුත් ගත්තොත් ලෙහෙසි වෙයි වගේ තේරුම් ගන්න.
පිළිතුර:
විබාගය අසමත් වූ දෙදෙනා ගැන නැවත හිතන්න. එක් අයෙකු දින ගණනක් කාමරයට වී අඬනවා. අනෙකා ඊලඟ විබාගයට ඉල්ලුම් පත්‍ර දැමීමට තැපැල් කන්තෝරුවට යනවා. එකම ක්ලමථ ජනකය. නමුත් ප්‍රතිචාර වෙනස්.
දැන් බලන්න දින ගණන් අඬන කෙනාගේ කායික සෞඛ්‍යයත් පිරිහෙනවා. විබාගය වෙනුවෙන් යමක් සිද්ද වෙන්නෙත් නැහැ. විබාගය අතහැර වෙනත් අතක් බලා ගැනීම යන පියවර ගැන විමසුමක් කෙරෙන්නෙත් නැහැ. එම පුද්ගලයාගේ ජීවිතයම නැවතිලා වගේ. කාටවත් පලක් නැහැ. හානියක් මිසක්. පැහැදිලිවම එතැන ක්ලමථය වැඩියි.
දෙවැන්නා දෙස බලන්න. එම කෙනාත් සමහර විට අඬා වැළපුණා වෙන්න පුළුවන්. නමුත් ඉක්මණටම පැහැදිලි අරමුණකට වැඩ කරගෙන යන බව දැන් අපට පෙනෙනවා. එතැන ක්ලමථය අඩු බව පමණක් නෙමෙයි, එම පුද්ගලයා තම ක්ලමථය තම දියුණුවට යොදාගෙන තියෙන බවත් අපට අනුමාන කළ හැකියි නේද?
ප්‍රශ්ණය:
ඇත්ත. හරි, දැන් පැහැදිලියි. එතකොට අපි මේ සරලව හිතන් හිටිය දෙය නෙමෙයි ක්ලමථය කියන්නේ. අප අතත් ක්ලමථය අඩු වැඩි කර ගැන්මේ හැකියාවක් තියෙනවා.
පිළිතුර:
හරියටම හරි. හැකියාවක් පමණක් නොවෙයි, මම හිතන්නේ වගකීමකුත් තියෙනවා. සමහර අය නිතරම තම ක්ලමථයන් නැතිනම් තම ගැටළු ගැන අන් අයට කියමින් කරදර කරනවා. සමහර විට එය අසා සිටින කෙනාට ඊට වඩා ක්ලමථයන් තියනවා විය හැකියි.
ප්‍රශ්ණය:
මේක නම් හරිම වැදගත් පණිවඩයක්. ඔබේ වදන් අහන කොට මට මා දන්න සමහර අය සිහි වෙනවා. එයාගේ පොඩි ප්‍රස්ණෙ ලොකුයි අන් හැමටම වඩා. අපි පැය ගණන් ඒක අහන් ඉන්න ඕන. හරි, දැන් එහෙනම් අපි ආයිත් මුලට යමු. ආතතිය, ක්ලමථය හා කාංසාව. ක්ලමථය අපි කතා කළා. ඊලඟට?
පිළිතුර:
ඊලඟට ඒ දෙකම නෙමෙයි, අපි කතා කරමු ක්ලමථයේ ලකුණු පිළිබඳව. ඒ කියන්නේ ක්ලමථය ඇති විට, ඇත්තටම අපට ක්ලමථය නැති වෙලාවක් නැහැ කියන්න පුළුවන් – අපි කියමු ක්ලමථය වැඩි වෙලාවට කියලා – එවිට අප තුළ ඇතිවන ලකුණු මොනවාදැයි බලමු.
ප්‍රශ්ණය:
ඒ කියන්නේ ක්ලමථයේ රෝග ලක්‍ෂණ නේද?
පිළිතුර:
නැහැ. අප මෙතනදී පරිස්සම් විය යුතුයි ක්ලමථය රෝගයක්ද යන මතය ගැන. නැහැ. කිසිම මානසික රෝග වර්ගීකරණයකට අනුව ක්ලමථය රෝගයක් වෙන්නේ නැහැ.එය සාමාන්‍ය දෙයක්. අධික හෝ අමුතු ලෙස මතුවන ක්ලමථය පමණයි රෝග හැටියට හඳුන්වා තියෙන්නේ. ඒ නිසා එදිනෙදා බාවිතයේදී ක්ලමථයේ ලකුණු මිසක් රෝග ලකුණු කියා දෙයක් නැහැ.
ප්‍රශ්ණය:
දැන් තවත් පැහැදිලියි. ඒ කියන්නේ ක්ලමථය කියන්නේ ජීවිතයේ කොටසක්. එහෙනම් අපි ක්ලමථයේ ලක්‍ෂණ ගැන කතා කරමු. මං හිතන්නේ ඒක තව පිටුවකට අපි ගෙන යමු.