﻿00:00:52,764 --> 00:00:57,646
අපට තර්ජනයක් වන ඕනෑම
රටකට අනුකම්පා කරනවා

00:00:57,746 --> 00:01:01,744
ගුවන් බලය, ගොඩබිම් බලය
සාගර බලය අප සතුයි

00:01:01,944 --> 00:01:06,891
හැමවිටම වැඩි වාසි ඇත්තේ අපට

00:01:06,991 --> 00:01:09,868
ඇමරිකාවේ බලයට
හැම රටක්ම ගරු කළ යුතුයි

00:01:09,968 --> 00:01:12,831
අපේ ආධිපත්‍යයට ගරු කළ යුතුයි

00:01:12,931 --> 00:01:16,164
අප බලවත් වෙනවා, දවසින් දවස

00:01:31,616 --> 00:01:36,374
චීනය ඔවුන්ගේ බලය 
වර්ධනය කර ගන්නවා

00:01:36,474 --> 00:01:39,029
මතභේදයට ලක්වුණු මුහුදු කලාපයේ
‍
00:01:39,129 --> 00:01:41,097
මේ වාර්තාව දකුණු චීන මුහුදේ සිට

00:01:41,197 --> 00:01:46,282
චීනය අනතුරු අඟවනවා, ඔවුන්ගේ
ඉදිරි කිරීම් අසලට පැමිණෙන්න එපා

00:01:46,382 --> 00:01:49,689
චීනය කැමැති නෑ ඔවුන්ගේ
ඉදිකිරීම් ලෝකය දකිනවට

00:01:49,789 --> 00:01:54,513
චීනය, දකුණු චීන මුහුදේ දූපත්
අත්පත් කර ගනිමින් සිටිනවා

00:01:54,613 --> 00:02:00,053
ඇමරිකාවට සිදුවෙනවා
දැඩි පියවරක් ගන්න

00:02:00,153 --> 00:02:01,789
චීනය සමඟ ගනුදෙනු කරද්දී

00:02:01,789 --> 00:02:06,863
ඇමරිකන් නාවික හමුදාවේ
යුද නැවක් මුහුදු සීමාවට ගියා

00:02:06,963 --> 00:02:09,149
CNN නාළිකාවට අවස්ථාව ලැබුණා

00:02:09,249 --> 00:02:13,227
ඇමරිකන් හමුදාව සමඟ එක්වෙලා
මතභේදාත්මක දූපත් බලන්න යන්න

00:02:13,327 --> 00:02:16,869
චීනයෙන් එල්ල වන තර්ජන 
පුවත් මවනවා

00:02:16,969 --> 00:02:20,875
මාධ්‍ය යුද බියක් නිර්මාණය කරලා

00:02:20,975 --> 00:02:25,166
චීනය නව සතුරකු ලෙස 
අර්ථ දැක්වෙනවා

00:02:25,266 --> 00:02:29,353
චීනය දකුණු චීන මුහුදේ
බලය තහවුරු කර ගන්නවා

00:02:29,453 --> 00:02:36,149
හමුදා ශක්තිය වර්ධනය කරමින්
එය ඇමරිකාවට තර්ජනයක් 

00:02:36,249 --> 00:02:41,743
චීනය ගුවන් පථ ඉදි කරනවා
මතභේදාත්මක දූපත්වල

00:02:41,843 --> 00:02:45,491
ජාත්‍යන්තර අධිකරණයේ 
විරෝධය මැද

00:02:45,591 --> 00:02:50,150
යුද්ධයක් ඔන්න මෙන්න
චීනයත් ඇමරිකාවත් අතර

00:02:52,340 --> 00:02:57,507
ප්‍රවෘත්තිවලට නොකියන දේ,
චීනයටත් තියෙනවා තර්ජනයක්

00:02:57,860 --> 00:03:02,118
ඇමරිකන් හමුදා කඳවුරු 
චීනය වට කරලා

00:03:02,218 --> 00:03:05,285
මිසයිල, ප්‍රහාරක යානා
යුද නැව්වලින්

00:03:06,165 --> 00:03:09,372
ඕස්ට්‍රේලියාවේ සිට පැසිෆික් කලාපය පුරා

00:03:09,472 --> 00:03:12,439
ආසියාව දක්වාත්, ඉන් ඔබ්බටත්

00:03:12,935 --> 00:03:17,391
බෙයිජීං අගනුවර උසම
ගොඩනැගිල්ලේ සිට බැලුවොත් ...

00:03:17,491 --> 00:03:21,819
පැසිෆික් සාගරයේ 
ඇමරිකන් යුද නැව් පෙනෙනවා

00:03:21,919 --> 00:03:26,470
ගණන් කරන්න බැරි තරමට මිසයිල
එල්ල වෙලා තියෙන්නේ චීනය දිහාවට

00:03:26,570 --> 00:03:31,385
කොරියාවේ සිට බලද්දිත් පෙනෙන්නේ
ඇමරිකාව අවි අමෝරාගෙන ඉන්නවා

00:03:31,485 --> 00:03:37,858
ජපානයේ සිට බලද්දිත් එහෙමයි
ජපානයේ සහාය ඇමරිකාවට

00:03:37,958 --> 00:03:42,629
චීනය කනස්සල්ලෙන් සිටීම
සාධාරණයි, ඇමරිකාව ගැන 

00:03:42,729 --> 00:03:51,162
දිනෙන් දින බලය වැඩි කරනවා
චීනය කොටු තැබීමයි, අපේ අරමුණ

00:03:52,125 --> 00:03:56,297
ස්වාධීන රාජ්‍යයක් ලෙස
චීනය කටයුතු කරන විදිය වෙනස්

00:03:56,397 --> 00:03:59,895
චීනයේ විදෙස් හමුදා කඳවුරු නෑ

00:03:59,995 --> 00:04:03,806
අවුරුදු 30කට කලින් සිදුවුණු තරම්
වේගවත් වර්ධනයක් නොපෙන්නුවත්

00:04:03,906 --> 00:04:07,720
තවමත් ලොව දෙවැනි 
විශාලතම ආර්ථික බලවතා

00:04:07,720 --> 00:04:12,818
අපට ප්‍රතිවාදියෙක් ඉන්නවා
ඒ ප්‍රතිවාදියා තමයි චීනය

00:04:12,918 --> 00:04:16,067
චීනය තුළ ප්‍රතිසංස්කරණ
සිදු නොවන්නේ නම් ...

00:04:16,167 --> 00:04:19,234
ඔවුන් අපේ සතුරා වේවි, දවසක 

00:04:19,352 --> 00:04:23,747
මිත්‍යාවක් තියෙනවා බැහැර කළ යුතු

00:04:23,847 --> 00:04:32,186
චීනය කවදාවත් ඇමරිකාව පරදා
ලෝක බලවතා වෙන්න හදන්නේ නෑ

00:04:32,286 --> 00:04:35,470
පළමු කාරණාව
චීන්නු එතරම් මෝඩ නෑ

00:04:35,570 --> 00:04:44,436
බටහිරට ඇත්තේ ක්‍රිස්තියානි මූලයන්,
ආගමට හරවා ගැනීම් සිද්ධ වෙනවා

00:04:46,137 --> 00:04:48,452
චීන්නු එහෙම කරන්නේ නෑ

00:04:48,552 --> 00:04:51,893
මම බටහිර සංස්කෘතිය 
හෙළා දකිනවා නොවේ

00:04:51,993 --> 00:04:56,287
මම කියන්නේ, රටවල්  දෙකේ 
සංස්කෘතීන් එකිනෙකට වෙනස්

00:04:56,287 --> 00:04:59,805
චීන මහා ප්‍රාකාරය ඉදි කළේ ...

00:04:59,905 --> 00:05:03,822
සතුරන් ඈත් කරන්න මිසක්
ආක්‍රමණය කරන්න නොවේ

00:05:04,918 --> 00:05:08,654
ලෝක ආර්ථික බලය
ආසියාවට මාරු වෙද්දී

00:05:08,854 --> 00:05:13,021
ඇමරිකාව, නාවික බලය 
වැඩියෙන් යොමු කළා

00:05:13,121 --> 00:05:17,877
ආසියාවට සහ පැසිෆික් කලාපයට

00:05:17,977 --> 00:05:22,304
මෙසේ හමුදා බලය වැඩි වීම 
වොෂින්ටනය හැඳින්වූයේ ...

00:05:22,404 --> 00:05:24,871
'ආසියාවට පිවිසුම' යනුවෙන්‍

00:05:24,980 --> 00:05:26,547
ඉලක්කය චීනය

00:05:30,276 --> 00:05:33,360
21 වැනි සියවසේ බල අරගලය

00:05:33,460 --> 00:05:35,460
සදාකාලික යුද්ධයයි

00:05:38,249 --> 00:05:41,606
ඇමරිකන් ආයුධ කර්මාන්තයට 
අභියෝගයක් නැති නිසා ...

00:05:41,706 --> 00:05:44,808
වාර්ෂිකව විශාල ලාභයක් ලබනවා

00:05:44,908 --> 00:05:48,975
හමුදා වියදම්වලින් පමණක්
ඩොලර් බිලියන 600 ක මුදලක්

00:05:51,784 --> 00:05:57,379
විද්‍යා ප්‍රබන්ධවලට සීමාව වුණු 
විද්‍යුත් චුම්බක අවි හැබෑවක් වෙලා

00:05:57,479 --> 00:06:01,102
නවීන පන්නයේ 
ආයුධ ගැන තිබුණු අදහස් ...

00:06:01,202 --> 00:06:06,015
යථාර්ථයක් කරන්න 
විද්‍යාඥයන්ට හැකිවෙලා 

00:06:07,354 --> 00:06:11,883
බුද්ධිමත් අවි නිපදවනවා නම්
ඊට ගැළපෙන සතුරන් ඉන්න ඕනෑ

00:06:11,883 --> 00:06:15,833
පැසිෆික් කලාපයේ
අනාගතය හැඩගැස්වීමේදී ...

00:06:15,933 --> 00:06:19,170
ඇමරිකාව දිගුකාලීන 
කාර්යභාරයක් කරනවා

00:06:19,270 --> 00:06:22,898
මම මගේ ජාතික ආරක්ෂක
කණ්ඩායමට උපදෙස් දුන්නා

00:06:22,998 --> 00:06:25,497
ආසියා පැසිෆික් කලාපයට
මුල්තැන දෙන්න

00:06:26,561 --> 00:06:30,825
ඇමරිකාව දැනටමත් චීනය 
සමඟ යුද්ධයක පැටලිලා නේද?

00:06:30,925 --> 00:06:34,090
ඔව්, ගොඩබිමින් සහ ගුවනින්

00:06:34,090 --> 00:06:37,683
නොබෙල් සාම ත්‍යාගය දිනු
ජනාධිපති බැරැක් ඔබාමා 

00:06:37,783 --> 00:06:43,376
ඩොලර් ට්‍රිලියන ගණනක් වෙන් කළා
අපේ න්‍යෂ්ටික අවි ශක්තිමත් කරන්න

00:06:43,476 --> 00:06:50,668
එතරම් මුදලක් වැය කරනවා නම්
ඊට ගැළපෙන සතුරෙක් ඉන්න ඕනෑ

00:06:50,768 --> 00:06:53,268
චීනය තමයි ගැළපෙන සතුරා

00:06:58,427 --> 00:07:02,486
මේ චිත්‍රපටයේ අරමුණ
නිහඬතාව බිඳ දැමීම

00:07:02,586 --> 00:07:06,410
ඇමරිකාව සහ චීනය
ඉන්නේ යුද මාවතක

00:07:06,510 --> 00:07:10,211
එය න්‍යෂ්ටික යුද්ධයක් වෙන්න පුළුවන්

00:07:10,311 --> 00:07:15,449
වසර කීපයක් ඇතුළත චීනය
දෙවැනි ආර්ථික බලවතා වුණා

00:07:15,549 --> 00:07:18,488
ඇමරිකාව තමයි 
ලොව හමුදා බලවතා 

00:07:18,588 --> 00:07:24,417
හමුදා කඳවුරු, මිසයිල
යුද නැව් ලොව හැම තැනම

00:07:24,517 --> 00:07:27,784
චීනය ඊට තර්ජනයක්
එයයි වොෂින්ටනයේ අදහස

00:07:27,784 --> 00:07:30,127
ඒත් සැබෑ තර්ජනය කවුරුද?

00:07:30,127 --> 00:07:34,445
මේ චිත්‍රපටයෙන් අප 
කතා කරන්නේ ඒ ගැන

00:07:34,545 --> 00:07:39,899
මිනිස් ආත්ම ශක්තිය ගැන
විරෝධය ගැන කතා කරනවා

00:07:39,999 --> 00:07:42,672
ඇතිවිය හැකි යුද්ධයක් වළක්වන්න

00:07:42,772 --> 00:07:49,498
යුද්ධයේ බිහිසුණුකම සහ
ඵලවිපාක ඒත්තු ගන්වමින්

00:07:56,833 --> 00:07:59,490
මේ බිකිනි දූපත ...

00:07:59,590 --> 000:08:04,103
සාගර යමහල්වලින් බිහිවූ
මාෂල් දූපත් සමූහයට අයත්

00:08:04,203 --> 00:08:07,164
පුංචි දූපත් 23 ක් තිබෙනවා

00:08:07,264 --> 00:08:11,331
බිකිනි සුන්දරයි; නිහඬයි; බිහිසුණුයි

00:08:16,424 --> 00:08:22,912
මේ සුන්දර කලපුව, අඳුරු කුහරයක්

00:08:22,912 --> 00:08:27,175
මෙහි තියෙන්නේ ආවාටයක්
මහා පිපිරුමකින් නිර්මාණය වුණු

00:08:27,275 --> 00:08:32,008
පුපුරා හැරියේ 'බ්‍රාවෝ' නමැති 
හයිඩ්‍රජන් (ජලකර) බෝම්බයයි

00:08:32,108 --> 00:08:37,782
මුළු දූපතම වාෂ්ප වුණා
සියලු දේ විෂ වුණා

00:08:37,882 --> 00:08:41,949
පහළින් පියාසර කරද්දී  
ආවාටය පැහැදිලිව පේනවා

00:08:56,432 --> 00:09:00,332
මාෂල් දූපත්, පිහිටන්නේ 
පැසිෆික් සාගරයේ හුදකලාව 

00:09:00,432 --> 00:09:03,440
ඇමරිකාවත් ආසියාවත් මැද

00:09:03,540 --> 00:09:06,792
දෙවැනි ලෝක යුද්ධයේදී
ජපනුන්ගෙන් අල්ලා ගත්තා

00:09:06,892 --> 00:09:10,082
අද එය ඇමරිකාවට වැදගත්
රහස් උපායමාර්ගික ස්ථානයක්

00:09:10,182 --> 00:09:13,249
ආසියාවට චීනයට පිවිසුම මෙතැනින්

00:09:20,020 --> 00:09:24,697
වසර දහස් ගණනක් තිස්සේ
මේ දූපත්වල මිනිස්සු ඉන්නවා

00:09:24,697 --> 00:09:28,447
ඔවුන්ගේ ආහාරය 
මාළු, දෙල්, පොල්

00:09:32,178 --> 00:09:36,345
දක්ෂ ධීවරයන්, තරු සලකුණු
ඔස්සේ යාත්‍රා කරන්න හපන්නු

00:09:37,678 --> 00:09:40,678
බටහිර වැසියන්ට පාරාදීසයක්

00:09:42,678 --> 00:09:46,678
<b>දූපතේ ජීවිතය ලස්සනයි, සුන්දරයි</b>

00:09:46,878 --> 00:09:50,678
<b>ඕනෑ සියලුම දේ දූපතේ තිබුණා</b>

00:09:52,678 --> 00:09:56,678
<b>නිතර අනෙක් දූපත්වලට යනවා</b>

00:09:57,000 --> 00:09:59,978
<b>කකුළුවන්, බෙල්ලන් අල්ලන්න</b>

00:10:02,169 --> 00:10:05,472
සියල්ල වෙනස් වුණා 1946 දී

00:10:05,572 --> 00:10:12,479
ඇමරිකාව මාෂල් දූපත් 
ඔවුන්ගේ පාලනයට ගත්තේ ...

00:10:12,579 --> 00:10:16,646
දූපත්වාසීන්ගේ ජීවිත 
යහපත් කිරීමේ අරමුණින්

00:10:18,786 --> 00:10:20,694
නපුරු සිහිනය ඇරඹුණා

00:10:20,794 --> 00:10:25,866
දූපත් ආශ්‍රිතව න්‍යෂ්ටික අවි 
අත්හදා බැලීම් කළා

00:10:25,966 --> 00:10:28,533
දූපත් වැසියන් ඊට යොදා ගත්තා

00:10:35,355 --> 00:10:41,824
මේ ප්‍රචාරක වීඩියෝවෙන් පේනවා
බිකිනි දූපත්වාසීන් රැවටූ හැටි

00:10:41,924 --> 00:10:48,746
ඔවුන්ගේ පාරාදීසට සදහටම 
විනාශ වේවි ඔවුන් දැන සිටියේ නෑ

00:10:50,001 --> 00:10:58,106
ඇමරිකාව සැමවිටම වැඩ කරන්නේ
මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් 

00:10:58,206 --> 00:11:02,189
විනාශකාරී මහා බලය යහපත්
දෙයක් වෙනුවෙන් යොදා ගන්නවා

00:11:03,157 --> 00:11:09,099
ඒ සඳහා පළමු පියවර 
තැබෙන්නේ බිකිනි දූපතෙන්

00:11:15,345 --> 00:11:20,375
හැමදේම දෙවියන්ට බාරයි
දෙවියන් නපුරක් කරන්නේ නෑ

00:11:26,148 --> 00:11:31,261
නැව් 87 ක්, බිකිනි දූපතට
සැතපුම් 3 ක් දුරින් රැඳවූවා

00:11:31,371 --> 00:11:34,205
පස්වැනි පරමාණු බෝම්බයෙන්
විනාශ වන අයුරු නිරීක්ෂණයට

00:11:34,305 --> 00:11:42,220
පිපිරුමට හසුවන ආකාරයට
නැව් රැඳවූවා බිකිනි කලපුවේ 

00:11:50,673 --> 00:11:54,152
බිකිනි කලපුවේ 
නැංගුරම් දැමූ නැව්වල

00:11:54,152 --> 00:11:58,863
විද්‍යාඥයන් ඔවුන්ගේ 
පර්යේෂණ ආරම්භ කළා

00:11:58,963 --> 00:12:03,729
ප්‍රබල පරමාණු බෝම්බයෙන් සිදුවන
විනාශයේ තරම අධ්‍යයනය කරන්න

00:12:03,829 --> 00:12:08,166
සත්තු නැව් තට්ටුවේ බැඳ තැබුවා

00:12:09,336 --> 00:12:13,624
පර්යේෂණ කළේ උන් මැරෙන විදිය
බලන්න, පිළිස්සී මැරෙන විදිය බලන්න

00:12:15,755 --> 00:12:19,586
විකිරණවලින් ආරක්ෂා වෙන්න
විවිධ ආලේපන අත්හදා බැලුවා

00:12:19,686 --> 00:12:24,323
ඇතැම් සතුන්ව කෙළින්ම 
පිපිරුමට නිරාවරණය කළා

00:12:53,000 --> 00:12:57,100
<b>උදෑසන, බෝම්බය පුපුරුවද්දී</b>

00:12:57,300 --> 00:13:03,000
<b>ඒ බිහිසුණු සද්දෙට අවදි වුණා</b>

00:13:03,100 --> 00:13:07,000
<b>මොකද වුණේ බලන්න දිව්වා</b>

00:13:07,200 --> 00:13:11,000
<b>සිදුවුණේ මොකක්ද දැන සිටියේ නෑ</b>

00:13:11,200 --> 00:13:15,000
<b>උදෑසන අහස ආලෝකමත් වුණා</b>

00:13:15,200 --> 00:13:18,000
<b>යෝධ දේදුන්නක් වගේ</b>

00:13:18,200 --> 00:13:22,000
<b>නිල්, රතු, කොළ, කහ</b>

00:13:25,200 --> 00:13:29,000
<b>අපි කෑ ගැහුවා</b>

00:13:29,200 --> 00:13:33,000
<b>මම අම්මා තාත්තා පසුපස හැංගුණා</b>

00:13:37,100 --> 00:13:40,100
<b>හොඳටම බයවුණා</b>

00:13:40,500 --> 00:13:45,000
<b>තවත් යුද්ධයක්දැයි බයවුණා</b>

00:13:46,100 --> 00:13:51,000
<b>ලෝක අවසානය යැයි සිතුවා</b>

00:13:54,788 --> 00:14:00,000
අද බිකිනි දූපතේ අතීතය 
හොල්මන් කරනවා

00:14:00,320 --> 00:14:02,671
කැළය මැදින් මම ගියා, බංකරයට

00:14:02,771 --> 00:14:07,835
උදේ 6.45ට බෝම්බය පුපුරුවන්න 
බොත්තම තද කළේ එතැන සිට

00:14:11,241 --> 00:14:17,494
මේ වල්බිහිවුණු භූගත බංකරය 
වර්තමානයට පාඩම් උගන්වනවා

00:14:20,158 --> 00:14:25,580
ඔවුන් මිල්ක් මේඩ් බීලා
ලකී ස්ට්‍රයික් සිගරට් උරලා

00:14:25,680 --> 00:14:30,531
උපහාසයකින් යුතුව 
පුවරුවක් ප්‍රදර්ශනය කරලා

00:14:30,631 --> 00:14:34,863
''කරුණාකර, තිබුණු අයුරින්ම
මේ ස්ථානය තබා යන්න.''

00:14:34,963 --> 00:14:38,863
''ඔබේ කරුණාවන්තකමට
සහ වටහා ගැනීමට ස්තුතියි''

00:14:51,223 --> 00:14:55,308
තරුණියන් බොහොම හැඩයි

00:14:55,408 --> 00:14:58,850
දෙපාර බැලෙනවා සිකුරුයි

00:14:58,950 --> 00:15:03,242
'බිකිනි' නම භාවිතයට ආවේ
පරමාණු බෝම්බ අත්හදාබැලීමෙන්

00:15:03,342 --> 00:15:06,872
බිකිනි පෙරළිකාර විලාසිතාවක්

00:15:06,972 --> 00:15:10,564
1946 දී 'බිකිනි' නාන ඇඳුම 
කරළියට ආවා

00:15:10,664 --> 00:15:17,167
බිකිනි දූපතේ ජීවය වැනසූ
න්‍යෂ්ටික අත්හදා බැලීම් සමරමින්

00:15:17,267 --> 00:15:21,168
බිකිනි විලාසිතා නිර්මාණය කළ
ප්‍රංශ ජාතිකයා හොඳට හම්බ කළා

00:15:22,814 --> 00:15:27,133
අද බිකිනි විලාසිතා
සඟරා හැඩ කරනවා

00:15:27,233 --> 00:15:30,383
සරාගීබව, නිරෝගීබව පෙන්වමින්

00:15:32,320 --> 00:15:36,471
ඒත් බිකිනි සහ අවට දූපත් 
වැසියන් නිරෝගී නෑ

00:15:36,571 --> 00:15:41,804
දරුණු ලෙස විකිරණවලට ලක්වුණු
මේ කාන්තාවන්ට තයිරොයිඩ් පිළිකා

00:15:42,000 --> 00:15:45,000
<b>අපි ළිඳට ගිහිල්ලයි හිටියේ</b>

00:15:45,100 --> 00:15:50,000
<b>සුදු පාට කුඩු හැමතැනම</b>

00:15:50,100 --> 00:15:54,000
<b>ඒවා සිරුරේ තැවරුණා</b>

00:15:55,000 --> 00:15:58,000
<b>සබන්වලින් කොණ්ඩේ සේදුවා</b>

00:15:59,000 --> 00:16:02,000
<b>හිස කෙස් ගැලවෙන්න ගත්තා</b>

00:16:03,000 --> 00:16:06,000
<b>සමහරු හුඟක් අසනීප වුණා</b>

00:16:07,100 --> 00:16:11,000
<b>පොඩි දරුවන්ට සමේ රෝග</b>

00:16:16,744 --> 00:16:20,618
අද බිකිනි ජීවත් වීමට සුදුසු නෑ

00:16:20,718 --> 00:16:24,370
විකිරණ විෂ ආහාර සහ ජලයේ 

00:16:24,470 --> 00:16:29,226
ගයිගර් මානයට අනුව 
විකිරණ අගය අහිතකරයි

00:16:29,326 --> 00:16:32,722
මුහුදට නෙත් හෙළන සුසානයක්

00:16:32,922 --> 00:16:37,888
එදා හිරු පායා බැස ගියේ 
අවසානය සලකුණු කරමින්

00:16:39,969 --> 00:16:43,033
හිරෝෂිමා බෝම්බය තරම්
ප්‍රබල බෝම්බයක් 

00:16:43,133 --> 00:16:45,723
මේ දූපත් අසල පුපුරුවා හැරියා

00:16:45,823 --> 00:16:48,556
අවුරුදු 12 ක් තිස්සේ දිනපතා

00:16:52,418 --> 00:16:57,676
සොබා දහමේ සුන්දරත්වය දූපතට
ආවත්, මිනිසුන්ට එන්න බෑ

00:16:58,728 --> 00:17:03,385
නිසරු දුපත්වලට පිටුවහල් වුණු
වැසියන් හිටියේ කුසගින්නේ

00:17:03,385 --> 00:17:07,563
1968 දී ජනාධිපති 
ලින්ඩන් ජොන්සන්

00:17:07,563 --> 00:17:10,480
දැනුම් දුන්නා ඔවුන්ට ආපසු
දූපත්වලට යන්න ආරක්ෂිත බව

00:17:14,627 --> 00:17:16,396
ඒත් ආරක්ෂිත නෑ

00:17:16,396 --> 00:17:19,879
ඇමරිකන් බලධාරීන් ඒක දැන සිටියා

00:17:19,979 --> 00:17:24,879
<b>ඒක අත්වැරදීමක් නොවේ</b>

00:17:24,979 --> 00:17:30,879
<b>ඔවුන් අපේ භූමිය විනාශ කළා</b>

00:17:30,979 --> 00:17:38,879
<b>අපට මොකද වෙන්නේ බැලුවා</b>

00:17:38,979 --> 00:17:41,879
<b>ඒක අත්වැරදීමක් නොවේ</b>

00:17:42,146 --> 00:17:45,585
සියල්ලටම හේතුව 
බ්‍රවෝ අත්හදා බැලීම

00:17:45,585 --> 00:17:51,225
ඒක වසං කරන්න 
වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා

00:17:52,708 --> 00:17:58,613
බොරුව ප්‍රචාරය කළා
ඔවුන් කළේ රැවටිල්ලක්

00:17:58,713 --> 00:18:06,310
මිනිස් ජීවිත ගැන තැකීමක් නෑ

00:18:06,410 --> 00:18:10,894
ඵලවිපාක ගැන ඔවුන් දැන සිටියා

00:18:10,994 --> 00:18:12,976
ඒත් ඔවුන් අවදානමක් ගත්තා

00:18:12,976 --> 00:18:17,870
බෝම්බය පුපුරුවා හැරියේ 
සිදුවන දේ හොඳින් දැනගෙන

00:18:17,970 --> 00:18:21,225
ඕනෑ තරම් වෙලාව තිබුණා
මිනිසුන් ඉවත් කරන්න ...

00:18:21,325 --> 00:18:24,679
බෝම්බය පුපුරුවන දිනයේ පවා

00:18:24,779 --> 00:18:28,737
අනතුරක් වෙනවා දැනදැනත්
ඔවුන් කිසිවෙකු ඉවත් කළේ නෑ

00:18:28,837 --> 00:18:35,894
පැහැදිලියි, ඇමරිකාවට ඕනෑ වුණා 
මිනිසුන් අත්හදා බැලීමට යොදා ගන්න

00:18:35,994 --> 00:18:40,664
විකිරණවලින් සිදුවෙන 
බලපෑම අධ්‍යයනය කරන්න

00:18:40,764 --> 00:18:45,500
ඇමරිකාව ඒ සියල්ල කළේ හිතාමතා 

00:18:45,600 --> 00:18:50,883
21 වැනි සියවසේ වුණත් 
තවමත් අපට හමුවෙනවා

00:18:50,983 --> 00:18:58,665
අවුරුදු ගණනකට කලින් න්‍යෂ්ටික 
අත්හදාබැලීම්වලින් තැතිගත් මිනිස්සු

00:18:58,765 --> 00:19:02,885
ජනතා විශ්වාසය පළුදු වෙලා‍

00:19:02,985 --> 00:19:08,632
ඇමරිකාව උත්සාහ ගන්නවා
සැමවිටම සත්‍ය තොරතුරු දෙන්න

00:19:08,732 --> 00:19:15,112
හිතාමතා සත්‍ය වසං කරන්න 
බොරු කීවා, මම පිළිගන්නේ නෑ

00:19:15,212 --> 00:19:19,638
'ගිනිපිග්' යන වදන බිහිවුණේ
මෙම අත්හදාබැලීම්වලින් පසුවයි

00:19:19,738 --> 00:19:23,013
අපේ තානාපති වෙබ් අඩවියේ
මේ කාරණාව ගැන විස්තර තියෙනවා

00:19:23,113 --> 00:19:25,886
මම කියෙව්වා

00:19:25,986 --> 00:19:28,442
ක්ලින්ටන් පරිපාලන සමයේ
මේ ගැන ප්‍රශ්න කෙරුණා

00:19:28,542 --> 00:19:31,676
අවසන් නිගමනය වෙනස් එකක්

00:19:32,776 --> 00:19:36,212
මාෂල් දූපත් රහස
ව්‍යාපෘති අංක 4.1

00:19:37,788 --> 00:19:42,348
රහස් වැඩසටහනක් අනාවරණය වුණා

00:19:42,448 --> 00:19:45,110
මීයන් යොදා ගනිමින් කළ

00:19:45,210 --> 00:19:49,277
එය අවසන් වුණේ මනුෂ්‍යයන්ට
විකිරණ බලාපන හැටි සෙවීමෙන්

00:19:52,389 --> 00:19:56,774
සියල්ල ඇරඹුණේ චිකාගෝවේ 
ආගෝන් පර්යේෂණාගාරයෙන්

00:19:56,874 --> 00:20:00,015
මාෂල් දූපත්වාසීන් හත් දෙනෙක් ආවා

00:20:00,115 --> 00:20:02,846
ලෙවන්, ඕඩරික් වැසියෙක්

00:20:02,946 --> 00:20:06,887
ඔහු සහ පිරිස මාර්තු 19 හයිඩ්‍රජන්
බෝම්බ අත්හදා බැලීමට මුහුණ දුන්නා

00:20:06,987 --> 00:20:11,836
ජෝන්, රොංගලැප් නගරාධිපති
බිකිනි සිට සැතපුම් 100 ක් දුරින්

00:20:11,936 --> 00:20:16,299
ජෝන් සතුටින් ජීවත් වන නූගතෙක්

00:20:16,399 --> 00:20:19,893
ඔහුගේ සීයා සිටියේ අඩ නිරුවතින්

00:20:19,993 --> 00:20:24,622
සුදු මිනිසා තමයි ඔවුන්ගේ අතට 
මුදල් හුරු කළේ, ආගම ඉගැන්නුවේ

00:20:24,622 --> 00:20:29,413
ජෝන් රීඩ් දෙවියන් අදහනවා
ඔහු හොඳ නගරාධිපතිවරයෙක්

00:20:29,513 --> 00:20:33,863
මේ යකඩ කාමරයෙන් කරන්නේ
මිනිස් සිරුරේ විකිරණ මැන බැලීම

00:20:33,963 --> 00:20:38,260
මුලින්ම සුදු මිනිසාගේ රටට
පය තැබූ නගරාධිපති ජෝන් ...

00:20:38,360 --> 00:20:43,889
කේබල් කාර්, අහස සූරන 
මැඳුරු හෝ මගී දුම්රිය දුටුවේ නෑ

00:20:43,989 --> 00:20:48,123
සුදු මිනිසාගේ රටට ආ ඔහු
අරන් ගියේ යකඩ කාමරයට

00:20:49,699 --> 00:20:56,648
චාරිත්‍රානුකූල ජීවිතයකට හුරුවුණු 
ඔහුට මෙය තවත් අලුත් චාරිත්‍රයක්

00:20:56,748 --> 00:20:59,266
ඔහු ඒ කාමරයේ තනි කෙරුණා

00:20:59,366 --> 00:21:03,361
සුදු කබායකින් සැරසුණු 
අලුත් විදියේ පූජකයා එළියේ

00:21:03,461 --> 00:21:07,288
යකඩ කාමරයේ චාරිත්‍රයට
අනෙක් අයත් යොමු කෙරුණා

00:21:07,388 --> 00:21:13,269
අන්තිමේදී සියල්ල අවසන් වුණා
කන්න ඇපල් සහ රස කෑම ලැබුණා

00:21:13,369 --> 00:21:15,564
චාරිත්‍රයට ඇඳපු ඇඳුම් බැහැර කළා

00:21:15,664 --> 00:21:20,006
කුලියට ගත්තු ටයිකෝට් සහ
ටොප් තොප්පිවලින් සැරසුණා

00:21:20,106 --> 00:21:27,187
ඒවා බාරදීමට නියමිතයි
ආපසු මාෂල් දූපත් බලා යද්දී 

00:21:27,287 --> 00:21:32,135
එක්සත් ජනපද ලේඛනවල 
පැහැදිලිව සඳහන් වෙනවා

00:21:32,235 --> 00:21:37,141
විකිරණ අත්හදා බැලීම් කළ බව
මාෂල් දූපත් වැසියන් යොදාගෙන

00:21:37,241 --> 00:21:42,722
සමහරුන්ට දියර එන්නත් කළා
ආහාර දුන්නා විකිරණ සහිත

00:21:44,311 --> 00:21:48,028
හිතාමතා යළි මිනිසුන් පදිංචි කළා

00:21:48,100 --> 00:21:54,420
න්‍යෂ්ටික අත්හදා බැලීමෙන්
විකිරණවලට හසුවුණු දූපත්වල

00:21:54,520 --> 00:22:01,240
ආහාරවලින් සහ පරිසරයෙන් මිනිස්
සිරුරට විකිරණ උරා ගන්න හැටි බලන්න

00:22:06,092 --> 00:22:13,141
අත්හදාබැලීම්වලට ගත් මේ අය
4.1 ව්‍යාපෘතියේ කොටස්කරුවන්

00:22:13,241 --> 00:22:19,356
ඇමරිකන් නාවික හමුදාව 
ඔවුන් රොංගලැප් දූපතට අරන් ගියා

00:22:20,414 --> 00:22:25,581
ආපසු ගෙදර යන්න ආරක්ෂිතයි
ඔවුන්ට පැහැදිලි කර තිබුණා

00:22:26,465 --> 00:22:30,632
මේ ප්‍රීතිමත් යුවළ සිතුවේ
ආරක්ෂිතව ගෙදර යන්න

00:22:31,726 --> 00:22:35,618
මේ ඉන්නේ ජෝන් එන්ජේන්
රෙංගලැප් නගරාධිපති

00:22:35,718 --> 00:22:40,068
චිකාගෝ යකඩ කාමරයට 
අරන් ගිය ප්‍රීතිමත් නූගතා

00:22:40,168 --> 00:22:44,235
ඔහුගේ බිරිඳ මජුවා
ඔවුන්ගේ පුංචි පුතා ලෙකාජ්

00:22:45,149 --> 00:22:49,982
ඉදිරියේ මුහුණ දෙන භීෂණය ගැන 
ඔවුන් දැන සිටියේ නෑ

00:22:51,332 --> 00:22:53,549
ඔවුන් පදිංචි කළ ඒ දූපත ...

00:22:53,549 --> 00:22:57,346
ඇමරිකන් පරමාණු බලශක්ති 
අධිකාරිය හඳුන්වා දී තිබුණේ ...

00:22:57,446 --> 00:23:01,429
මිහිමත වැඩිම විකිරණ බලපෑමට 
ලක්වුණු ස්ථානය යනුවෙන්

00:23:02,433 --> 00:23:06,490
අපූරු අත්දැකීමක් වේවි 
අධ්‍යයනය කරන්න ...

00:23:06,590 --> 00:23:10,861
විකිරණවලින් පිරි පරිසරයක
ජීවත් වන මිනිසුන්ට සිදුවන බලපෑම

00:23:14,439 --> 00:23:20,994
රොංගලැප් වැසියන්, අවුරුදු 28 ක්
විෂ දූපතේ ජීවත් වුණා

00:23:22,724 --> 00:23:26,641
දෛනික විද්‍යා පර්යේෂණවලට 
යොමු කෙරුණා

00:23:30,641--> 00:23:34,641
<b>හැමෝම අසනීප වුණා</b>

00:23:35,641 --> 00:23:39,641
<b>පිළිකා ගැන අප දැන සිටියේ නෑ</b>

00:23:40,641 --> 00:23:44,641
<b>අම්මටත් තයිරොයිඩ් පිළිකාවක්</b>

00:23:46,641 --> 00:23:50,641
<b>ඇයට දුන්නේ බෙහෙත් පෙති විතරයි</b>

00:23:50,741 --> 00:23:54,641
<b>මගේ සොහොයුරියටත් පිළිකාවක්</b>

00:23:55,741 --> 00:24:00,641
<b>අපව යොදාගෙන පර්යේෂණ කළා</b>

00:24:07,009 --> 00:24:10,280
දූපත් වැසියන් ඇමරිකන්
බලධාරීන්ට බැගෑපත් වුණා

00:24:10,380 --> 00:24:13,511
වෙනත් අරක්ෂිත තැනකට 
ඔවුන් ගෙනියන්න

00:24:13,611 --> 00:24:18,362
ඔවුන්ගේ දෙවැනි පරම්පරාවේ
දරුවන් විෂ නිසා රෝගී වෙද්දී 

00:24:35,063 --> 00:24:41,003
බැරිම තැන දූපත් වැසියන්
ග්‍රීන්පීස් සහාය පැතුවා ...

00:24:41,103 --> 00:24:43,554
'රේන්බෝ වෝරියර්' නෞකාව

00:24:43,654 --> 00:24:47,821
දූපත්වාසීන් සියලු දෙනා 
හිතකර දූපතකට රැගෙන ගියා

00:24:48,934 --> 00:24:52,601
මෙහෙයුම නම් කළේ 
'එක්සෝඩස්' යනුවෙන්

00:25:31,822 --> 00:25:36,127
මේ වෛද්‍ය රොබට් කොනාඩ්
ප්‍රමුඛ පෙළේ වෛද්‍ය විද්‍යාඥයෙක්‍

00:25:36,227 --> 00:25:39,719
බෲක්හේවන් ජාතික පර්යේෂණාගාරයේ

00:25:39,719 --> 00:25:43,031
කොනාඩ් සිය කීර්තිමත් 
වෘත්තිය කැප කළා

00:25:43,131 --> 00:25:45,381
දූපත්වාසීන් අධ්‍යයනය කරන්න

00:25:50,238 --> 00:25:53,869
මේ දූපතේ වැසියන්ට හැකිවී තිබුණා

00:25:53,969 --> 00:25:59,869
ඉතා වටිනා විකිරණ දත්ත
ලබා දෙන්න, මිනිසුන් පිළිබඳ 

00:25:59,969 --> 00:26:03,823
විවිධ රේඩියෝ සමස්ථානික ...

00:26:03,923 --> 00:26:07,777
සොයාගත හැකියි පස්වලින්
ආහාර දාමයට එකතු වන ...

00:26:07,877 --> 00:26:09,877
මනුෂ්‍යයන් දක්වා

00:26:15,238 --> 00:26:19,315
 කොනාඩ් සමත් වුණා දූපත් 
වැසියන්ගේ විශ්වාසය දිනාගන්න

00:26:19,415 --> 00:26:22,734
දූපත් වැසියන් නිව්යෝක් ගෙනත්
ඔවුන් පරීක්ෂා කළා

00:26:22,834 --> 00:26:27,754
නගරය පෙන්වමින්
කන්න බොන්නත් දුන්නා

00:26:35,146 --> 00:26:38,729
ජෝන් එන්ජේන්ගේ පුතා ලෙකාජ් 
අවුරුදු 18 දී මියගියාම ...

00:26:40,260 --> 00:26:45,629
නූගතකු කී තරුණයාට වෛද්‍ය 
කොනාඩ් ශෝක පණිවුඩයක් යැව්වා

00:26:45,729 --> 00:26:47,562
ඔබේ මිතුරා, බොබ්ගෙන්

00:26:51,889 --> 00:26:57,056
1957 දී, මජුවා එන්ජේන්
ප්‍රීතියෙන් සිටි යුවතියක්

00:26:57,310 --> 00:27:00,664
රොංගලැප් බලා යද්දී

00:27:00,764 --> 00:27:04,581
පවුලේ අය මුහුණ දෙන 
අනතුර දැන සිටියේ නෑ

00:27:08,220 --> 00:27:13,121
මේ මජුවා, අවුරුදු 28 කට පසු
පුතුගේ මරණය ගැන දුක්වෙමින්

00:27:13,221 --> 00:27:15,788
ලෙකාජ් මියගියේ විකිරණ විෂවීමෙන්

00:27:16,788 --> 00:27:26,788
<b>මට හිතෙන විදියට, ඔවුන් ඔහු
යොදා ගත්තා සතකු වගේ</b>

00:27:28,788 --> 00:27:31,788
<b>ඔවුන් ඔහුගේ සිරුර සිදුරු කළා</b>

00:27:32,788 --> 00:27:38,788
<b>කුකුළකු මස් කරනවා වගේ</b>

00:27:40,000 --> 00:27:44,788
<b>සිරුර තුවාල වෙලා ලේ ආවා</b>

00:27:45,788 --> 00:27:50,788
<b>පර්යේෂණවලට ගත්තු 
සතෙකු වගේ</b>

00:27:51,788 --> 00:27:56,788
<b>මම ඒ හැමදේම දැක්කා</b>

00:27:57,788 --> 00:28:04,788
<b>මට ඒක වාවන්නේ නෑ
ඔවුන් ඔහු පර්යේෂණවලට ගත්තා</b>

00:28:06,788 --> 00:28:10,788
<b>මට දැනෙනවා ලොකු වේදනාවක්</b>

00:28:11,788 --> 00:28:15,788
<b>ඔවුන් මගේ﻿ පුතා මරා දැම්මා</b>

00:28:17,888 --> 00:28:26,788
<b>ඔවුන්ගේ පර්යේෂණවලට
යොදා ගත්තා සතෙකු වගේ</b>

00:28:29,788 --> 00:28:35,788
<b>මට ඒ දේවල්වලට
සමාව දෙන්න විදියක් නෑ</b>

00:28:46,771 --> 00:28:48,802
සැමියා සහ පුතා වගේම ...

00:28:48,902 --> 00:28:52,719
මජුවා මියගියා පිළිකාවකින්

00:28:54,246 --> 00:28:57,813
සායන කිසිවක් මම දැක්කේ නෑ

00:28:57,813 --> 00:29:01,172
බලශක්ති දෙපාර්තමේන්තුවේ 
මැදිහත් වී යමක් කළා හැරෙන්න

00:29:01,372 --> 00:29:04,108
ඇමරිකන් රජය කිසිවක් කරලා නෑ

00:29:04,108 --> 00:29:08,615
මජුරෝ තියෙනවා සායනයක්
පරීක්ෂාවක් කරගන්න පුළුවන්

00:29:08,715 --> 00:29:13,523
සිරුරේ ප්ලූටෝනියම් තියෙනවද 
බලා ගන්න පුළුවන්, නොමිලේම

00:29:15,764 --> 00:29:18,899
මේ ප්ලූටෝනියම් මනින තැන

00:29:18,999 --> 00:29:23,000
සිරුරේ කොතරම් විකිරණ
තිබෙනවාදැයි ඔවුන් කියනවා

00:29:23,100 --> 00:29:25,333
පරීක්ෂණ සඳහා බලන් ඉන්න පිරිසට ...

00:29:25,433 --> 00:29:27,229
වීඩියෝ පෙන්වනවා

00:29:27,329 --> 00:29:30,312
ඔවුන්ගේ දූපත් පුපුරා ගිය හැටි

00:29:35,769 --> 00:29:39,818
ඔවුන්ගේ සිත හදන්න 
පැහැදිලි කිරීම් කරනවා

00:29:57,941 --> 00:30:03,161
මේ රිනොක්, සරණාගතයෙක්
රොංගලැප් විෂ දූපතේ සිට පැමිණි

00:30:03,261 --> 00:30:08,328
ඇගේ පවුලේ අයට ඉඩකඩම් තිබුණා 
ගත​ කළේ හොඳ සමෘද්ධිමත් ජීවිතයක්

00:30:08,428 --> 00:30:12,181
අද ඇය මජුරෝ නුවර පැලක

00:30:12,281 --> 00:30:15,181
දරුවන් සහ මුනුපුරු මිණිපිරියන් සමඟ

00:30:16,345 --> 00:30:19,012
ඇයට ජලය, සනීපාරක්ෂක පහසුකම් නෑ

00:30:21,345 --> 00:30:32,012
<b>සමහර වෙලාවට වතුර නෑ
ළඟ ගෙදරකින් ඉල්ලා ගන්නවා</b>

00:30:34,899 --> 00:30:38,232
ඇයට විදුලිය බලය තියෙනවාද?

00:30:38,400 --> 00:30:43,232
<b>මම ජීවත් වන ගෙදර විදුලිය නෑ</b>

00:30:47,033 --> 00:30:50,006
1986 දී ඇමරිකන් එක්සත් ජනපදය 

00:30:50,106 --> 00:30:54,404
මාෂල් දූපත්වලට සීමිත
නිදහසක් ලබා දුන්නා

00:30:54,504 --> 00:30:57,665
ඩොලර් මිලියන 150 ක මුදලක්

00:30:57,765 --> 00:31:01,130
කොන්දේසි විරහිතව
වන්දි වශයෙන්

00:31:01,230 --> 00:31:05,360
න්‍යෂ්ටික අත්හදා 
බැලීම්වලින් වුණු හානියට

00:31:05,460 --> 00:31:09,786
විනිශ්චය සභාවක් පිහිටුවූවා
ඊට යෙදවුණු මුදල් ඉවර වුණා

00:31:09,886 --> 00:31:14,500
ඇමරිකන් කොංග්‍රසයට අභියාචනා 
ඉදිරිපත් කළේ දශකයකට කලින් 

00:31:14,600 --> 00:31:16,350
තවමත් පිළිතුරක් බලන් ඉන්නවා

00:31:17,350 --> 00:31:23,350
<b>හැම සතේම වියදම් වුණා</b> 

00:31:24,450 --> 00:31:27,350
<b>අපට ජීවත් වෙන්නවත් සල්ලි නෑ</b> 

00:31:36,822 --> 00:31:40,604
ඩාර්ලීන් කෙජූ ජොන්සන් 
තරණ සෞඛ්‍ය සේවිකාවක්

00:31:40,704 --> 00:31:43,200
ඇය ඇගේ ජනතාවගේ ශූරිය

00:31:43,280 --> 00:31:46,752
ඇගේ ජනතාව විදි වේදනාව
ඇය වටහා ගත්තා 

00:31:46,852 --> 00:31:49,454
න්‍යෂ්ටික අත්හදා බැලීමේ නිසා

00:31:49,554 --> 00:31:54,253
ඇමරිකාව කීවටත් වඩා වැඩි 
දූපත් ගණනක් විෂ වී තිබුණා

00:31:55,156 --> 00:31:59,239
ඇගේ මේ නිර්භීත දේශනය
1983 දී නිහඬතාව බිඳ දැම්මා

00:32:00,230 --> 00:32:07,200
මම නියෝජනය කරන්නේ
මාෂල් දූපත්, මයික්‍රෝනිෂියා පුරා

00:32:07,300 --> 00:32:11,630
කාන්තාවන් සිය ගණනක් ගබ්සා වුණා

00:32:11,730 --> 00:32:15,628
ඔවුන් අතරේ ලියුකේමියා රෝගීන්
තයිරොයිඩ් පිළිකා රෝගීන්

00:32:15,728 --> 00:32:17,837
නූපන් දරු උපත් සිදුවෙනවා

00:32:17,937 --> 00:32:21,273
මම දූපත්වල ඉඳලයි ආවේ

00:32:21,373 --> 00:32:25,276
කාන්තාවන් සහ පිරිමි 
බොහෝ දෙනෙකු හමුවුණා

00:32:25,376 --> 00:32:29,014
විකෘති දරු උපත් තවම සිදුවෙනවා
ජෙලිෆිෂ් බබාලා කියලයි කියන්නේ

00:32:29,114 --> 00:32:33,858
අලුතින් උපන් දරුවන් මෙන්න 
මේ විදියටයි ඉහළ පහළ යන්නේ

00:32:33,958 --> 00:32:37,643
ඒක දකින්න අප්‍රසන්න දෙයක්
ඒ දරුවන් මිනිස් දරුවන් නොවේ

00:32:37,743 --> 00:32:44,291
ඒ දරුවන් ඉහළ පහළ යනවා
ඒ විදියටයි හුස්ම ගන්නේ

00:32:47,657 --> 00:32:52,492
1982 ඩාර්ලීන් විවාහ වුණා
ගිෆ් ජොන්සන් සමඟ

00:32:52,592 --> 00:32:55,742
මේ ඇය වෙනුවෙන් කළ උපහාරයක්

00:32:57,799 --> 00:33:00,449
ඩාර්ලීන් හරිම අපූරු
විනෝදජනක චරිතයක්

00:33:00,549 --> 00:33:07,712
මට හමුවුණු හරිම 
හොඳ තැනැත්තියක්

00:33:07,812 --> 00:33:10,545
හඬක් නැති අයට ඇය හඬක් වුණා

00:33:13,313 --> 00:33:16,405
බොහෝ මාෂල් දූපත් වැසියන් වගේ

00:33:16,505 --> 00:33:19,988
ඩාර්ලීන් පිළිකාවකින් 
මියගියා, අවුරුදු 45 දී

00:33:28,374 --> 00:33:32,378
මේ තියෙන්නේ දූපත් සමූහයේ 
ලොකුම දූපත, ක්වජ්ලීන්

00:33:32,378 --> 00:33:37,642
ඇමරිකාවේ වැදගත්, රහස්
හමුදා කඳවුරක් මෙහි තියෙනවා

00:33:40,073 --> 00:33:44,878
රොනල්ඩ් රේගන් අත්හදා බැලීමේ 
කඳවුර, මිසයිල රැඳවුම් ස්ථානයක්

00:33:44,978 --> 00:33:48,978
පැසිෆික් සාගරයේ 
ආසියාව සහ චීනය දක්වා

00:33:55,762 --> 00:34:01,323
මාෂල් වැසියන් යොදා ගන්නවා
විනාශකාරී අවි අත්හදා බලන්න

00:34:01,423 --> 00:34:06,490
විනාශකාරී අවි ඕනෑ 
ඉදිරියේ ඇතිවන යුද්ධවලට

00:34:10,453 --> 00:34:16,180
කඳවුර අපූරු සැලැස්මක කොටසක්
නම් කර ඇත්තේ '2020 දැක්ම' යනුවෙන්

00:34:16,848 --> 00:34:20,052
1990 වසරේ සැලැසුම් කළ ආකාරයට ...

00:34:20,152 --> 00:34:23,319
එහි අරමුණ පූර්ණ 
ආධිපත්‍ය පැතිරවීම

00:34:24,854 --> 00:34:28,271
බලය ඇල්ලීම ගොඩබිම
මුහුද සහ ගුවනින්

00:34:29,550 --> 00:34:32,383
සයිබර් අවකාශය සහ අභ්‍යවකාශය

00:34:40,898 --> 00:34:45,009
කැලි​ෆෝනියාවේ සිට
සැතපුම් 5,000 ක් දුරින් 

00:34:45,009 --> 00:34:49,016
ඇමරිකන් ගුවන් හමුදාව අන්තර් 
මහද්වීපික මිසයිල අත්හදා බලනවා

00:34:49,116 --> 00:34:52,266
මාෂල් දූපත් දෙසට එල්ල කරමින්

00:34:54,856 --> 00:34:57,716
මිසයිලයක ගමන් මඟ 
වැරදු​ණොත් විනාශයක්

00:34:57,816 --> 00:34:59,802
ඒක මහ බියකරු දෙයක්

00:34:59,902 --> 00:35:04,069
ඊට වඩා බිහිසුණු දෙයක් ...

00:35:04,169 --> 00:35:07,870
මට නම් හිතාගන්නවත් බෑ

00:35:07,970 --> 00:35:14,607
ඕනෑම අත්හදා බලන අවියක 
ගමන් මඟ වෙනස් වෙන්න පුළුවන්

00:35:15,880 --> 00:35:19,708
කඳවුර ඇති දූපතේ වැසියන්
ඒ් ගැන තැකීමක් කරන්නේ නෑ

00:35:19,808 --> 00:35:25,826
දූපතේ තියෙනවා කුඩා ඇමෙරිකන් 
නගරයක්, සියලු පහසුකම් තිබෙන

00:35:33,488 --> 00:35:37,654
හරිම අපූරුයි, සුන්දර දූපතක 
ජීවත් වීම තරම් තවත් දෙයක් නෑ

00:35:37,754 --> 00:35:40,282
මගේ නිවස මුහුද අද්දර

00:35:40,382 --> 00:35:42,532
හරිම අපූරුයි, මම හරි කැමැතියි

00:35:51,587 --> 00:35:55,122
ඊබායි දූපත, පෙනෙන මායිමේ

00:35:55,222 --> 00:36:00,444
පැසිෆික් සාගරයේ මුඩුක්කුව 
12,000 ක පිරිසක් එහි ඉන්නවා

00:36:00,544 --> 00:36:04,213
සැතපුමක් දුර නැති භූමියකි

00:36:04,313 --> 00:36:08,631
වැඩි දෙනා සරණාගතයන්
මිසයිල රැඳවූ දූපතෙන් සහ ...

00:36:08,731 --> 00:36:12,381
න්‍යෂ්ටික අත්හදා බැලීම් නිසා 
විෂ පිරුණු දූපත්වලින් පැමිණි

00:36:16,209 --> 00:36:21,020
දිනපතා, ඊබායි දූපත් වැසියන්
මිසයිල කඳවුරේ වැඩට ගෙනියනවා

00:36:21,120 --> 00:36:25,353
ඔවුන් ගෙවතුවලට සහ 
ගොල්ෆ් පිටියට වතුර දානවා

00:36:27,054 --> 00:36:30,721
ආපසු ඔවුන් ඔවුන්ගේ 
දිළිඳු ජීවිතයට රැගෙන එනවා

00:36:33,482 --> 00:36:37,232
මෙය පැසිෆික් කලාපයේ 
අසරණයන්ගෙන් පිරි තැනක්

00:37:00,995 --> 00:37:06,000
ඊබායි වැසියන්ට අහිමි දේ බොහොමයි
ඖෂධ, අධ්‍යාපනය, රැකියා ඔවුන්ට නෑ

00:37:06,298 --> 00:37:08,131
එළවලු පලතුරු නෑ

00:37:09,073 --> 00:37:12,400
එළවලු පලතුරු නෑ
- ඔව්

00:37:12,500 --> 00:37:15,652
මේක නිවර්තන දූපතක්
ඒත් එළවලු පලතුරු නෑ

00:37:17,813 --> 00:37:22,487
මාළු, එළවලු, පලතුරු
ඊබායි දූපතේ බහුලව තිබුණා

00:37:24,067 --> 00:37:28,441
අද මාළු අපවිත්‍ර වෙලා
විෂ සහිත දූෂක නිසා 

00:37:28,541 --> 00:37:31,858
එසේ කියන්නේ, පරිසර 
ආරක්ෂණ නියෝජිත ආයතනය

00:37:34,287 --> 00:37:40,128
බොහෝ දෙනෙකුට දැරිය හැකි 
එකම ආහාරය සකස් කරන ලද ඒවා

00:37:40,228 --> 00:37:45,295
දියවැඩියා රෝගීන් වැඩියෙන්ම 
ඉන්නේ දූපත් වැසියන් අතරේ

00:37:49,906 --> 00:37:52,851
කවුරුන් හරි හොඳටම අසනීප වුණොත් ...

00:37:52,951 --> 00:37:55,082
හමුදා කඳවුරේ රෝහලට යනවද?

00:37:55,182 --> 00:37:59,249
නවීන පහසුකම් ඇති 
සායනයක් එහි තියෙනවා

00:38:00,491 --> 00:38:03,658
ඔවුන් ඖෂධ ලබා දී 
ප්‍රතිකාර කරන්නේ නෑ

00:38:04,920 --> 00:38:09,669
ඔවුන් කරන්නේ ලේ ගැනීම
සහ එක්ස් රේ ගැනීම පමණයි

00:38:09,769 --> 00:38:12,842
කවුරු හරි හොඳටම අසනීප වුණොත්?

00:38:12,942 --> 00:38:15,472
කරන්න කිසිම දෙයක් නෑ

00:38:15,572 --> 00:38:18,389
​හොඳම ස්ථාවර උදාහරණය ...

00:38:19,762 --> 00:38:27,228
රොනල්ඩ් රේගන් මිසයිල කඳවුර
සහ අසලින් ඇති ඊබායි දූපත

00:38:27,328 --> 00:38:33,055
රොනල්ඩ් රේගන් මිසයිල කඳවුරේ
ඇමරිකන් සැප ජීවිතය තියෙනවා

00:38:33,155 --> 00:38:39,054
ගොල්ෆ් පිටි සහ පිහිනුම් 
තටාකවලින් පිරුණු

00:38:40,278 --> 00:38:44,320
ඒ අසලින්ම තියෙනවා, පැසිෆික් 
සාගරයේ  මුඩුක්කුව නමැති දූපත

00:38:44,320 --> 00:38:50,760
ඊබායි දූපත අසරණ බව දන්නවා
යටිතල පහසුකම් දියුණු වෙන්න ඕනෑ

00:38:50,860 --> 00:38:53,543
ඇමරිකාව ව්‍යාපෘති ඇරැඹුවා

00:38:53,643 --> 00:38:57,068
ඕස්ට්‍රේලියාව සහ ආසියා 
සංවර්ධන බැංකුව සමඟ

00:38:57,168 --> 00:39:02,927
මලාපවහන, ජල ව්‍යාපෘති සඳහා
ඊබායි වැසියන්ට අපේ සහාය ඕනෑ

00:39:02,927 --> 00:39:07,362
70 දශකයේත් ඇමෙරිකාව
ඊබායි ගැන සමීක්ෂණ කළා

00:39:07,462 --> 00:39:12,522
එහිදී තහවුරු වුණා වැසියන්ට
පහසුකම් කිසිවක් නැති බව

00:39:12,622 --> 00:39:18,794
සමීක්ෂණ පමණයි, දිගින් දිගට
ජනතාවට යහපතක් කරන්නේ නෑ

00:39:18,894 --> 00:39:21,759
ඊබායි වැසියන් වෙනුවෙන්
ප්‍රමුඛතාව ලබා දෙන්න ඕනෑ

00:39:21,859 --> 00:39:24,462
ඉදිරියේ දී මතුවන ගැටලුවලටත්

00:39:24,562 --> 00:39:27,810
රොනල්ඩ් රේගන් මිසයිල
ආරක්ෂක කඳවුර නිසා

00:39:27,910 --> 00:39:33,676
ගෝලීය ආරක්ෂාව වෙනුවෙන් 
වැදගත් කාර්යයක් ඉටු කරනවා

00:39:33,776 --> 00:39:38,070
එය ආරක්ෂිත වැටක්
ඇමරිකන් හමුදාවේ

00:39:38,170 --> 00:39:43,189
ඇමරිකාවේ සෑම මිසයිලයක්ම
මාෂල් දූපත් දෙසට එල්ල කෙරෙන

00:39:43,289 --> 00:39:46,872
ඩොලර් මිලියන 100 ක් වටිනවා

00:39:48,348 --> 00:39:52,801
කබල් පාසල් බස්රථය පමණයි
ඊබායි දූපත සතුව තිබෙන්නේ

00:39:52,901 --> 00:39:55,568
අලුත් බස්රියකට වත්කම් නෑ

00:40:10,352 --> 00:40:17,290
හමුදා කඳවුරෙන්, අප මාෂල්
දූපත් වැසියන්ට කිසිම සෙතක් නෑ

00:40:17,390 --> 00:40:21,934
කඳවුර ඕනෑ මිසයිල අත්හදා බලන්න
චීනය වැනි රටවල්වලට පහර දෙන්න

00:40:23,442 --> 00:40:27,627
ඕනෑම සතුරකුට පහර දෙන්න පුළුවන්

00:40:27,727 --> 00:40:31,034
ඔබ දකින්න බලාපොරොත්තු 
වෙන්නේ මොකක්ද?

00:40:32,000 --> 00:40:34,951
අපේ ඉඩම් අපට ඕනෑ

00:40:47,668 --> 00:40:55,079
මේ ෂැංග්හායි, යැංසි ගංගාවේ ප්‍රකට 
වරාය සහ චීනයේ ප්‍රධානතම නගරය

00:40:57,406 --> 00:41:02,578
හමුවුණා ඇමරිකන් 
කතුවර ජේම්ස් බ්‍රැඩ්ලි

00:41:02,678 --> 00:41:05,105
ඔහුගේ අලුත්ම කෘතිය ‘චයිනා මිරාජ්’

00:41:05,205 --> 00:41:12,762
ඇමරිකාවේ බලය සහ චීනය ගැන
රහස් එයින් අනාවරණය කෙරෙනවා

00:41:12,862 --> 00:41:18,870
නීතිවිරෝධීයී, ඇමරිකන් ඉතිහාසයේ 
චීන මැදිහත්වීම් ගැන දැනුවත්වීම

00:41:18,970 --> 00:41:23,064
චීන්නු ඇමෙරිකා ආවේ රත්තරන් 
කණින්න සහ දුම්රිය මාර්ග ඉදිකරන්න

00:41:23,164 --> 00:41:26,324
ඇමරිකානුවන්ට එ්ක අභියෝගයක්

00:41:26,424 --> 00:41:32,651
1882 දී නව පනතක් සම්මත කළා 
චීන්නු ඇමරිකාවෙන් ඈත් කරන්න

00:41:32,751 --> 00:41:34,508
අවුරුදු 100 ක් පමණ යනතුරු

00:41:34,608 --> 00:41:39,507
ලෝකයේ විශාලතම ජනගහනයට
ඇමරිකාවේ දොර වැසුණා

00:41:39,607 --> 00:41:44,253
ලිබර්ටි ප්‍රතිමාව ඉදිකරමින්, ඇමරිකාවට
හැමෝම පිළිගන්නවා කීවත් ...

00:41:44,353 --> 00:41:49,805
පිළිගත්තේ චීන්නු හැර 
අනෙක් අය පමණයි

00:41:50,429 --> 00:41:57,463
අතීතයේ පටන් චීනයේ 
නැගී සිටීමට ඇමරිකාව බියවුණා

00:41:57,563 --> 00:42:02,630
චීන්නු අශුද්ධ ජාතියක් ලෙස
හඳුන්වන්න වුණා

00:42:07,451 --> 00:42:12,132
බටහිර සමාජයේ දේශපාලන 
සංස්කෘතියට අනුව ...

00:42:12,232 --> 00:42:15,826
චීන්නු 'මහා අන්තරාවක්'

00:42:15,926 --> 00:42:21,826
රූපමාධ්‍ය හරහා චීන්නු බියකරු
නපුරන් ලෙස නිරූපණය කෙරුණා

00:42:22,881 --> 00:42:28,082
බොරිස් කාර්ලෝෆ්
නපුරු ෆූ මැං චූ ලෙස

00:42:28,082 --> 00:42:32,165
බලයට කෑදර ඔහු 
විකෘති මනසක් ඇත්තෙක්

00:42:33,000 --> 00:42:37,911
මිනිසුන් බිලි දෙනවා
වධ බන්ධනයට ලක් කරමින්

00:42:42,911 --> 00:42:47,911
නපුරු ෆූ මැංචූගෙන් ගැලවීමක් නෑ

00:42:49,000 --> 00:42:53,380
සමස්ත චීන ජාතිකයන් 
මේ චරිතයෙන් නිරූපණය වුණා

00:42:53,480 --> 00:42:57,047
සේරමට යටින් සැඟවුණේ අබිං

00:43:01,258 --> 00:43:08,969
19 වැනි සියවසේ, ඇමරිකන් ප්‍රභූවරුන්ට
චීනය, මත්ද්‍රව්‍ය අතින් මහා නිධානයක්

00:43:09,384 --> 00:43:14,328
වොරන් ඩෙලනෝ, ෆ්‍රැන්ක්ලින් 
ඩෙලනෝ රූස්වෙල්ට්ගේ සීයා

00:43:14,428 --> 00:43:20,709
චීනයේ ඇමරිකන් අබිං රජු
දෙවැනි වුණේ බ්‍රිතාන්‍යයට පමණයි

00:43:20,809 --> 00:43:26,786
ඔහු තමයි පළමු ඇමරිකන් නැව යැව්වේ 
චීනයට, අබිං යුද්ධයට සහාය පළ කරන්න

00:43:26,886 --> 00:43:32,259
ඇමරිකාවේ නැගෙනහිර වෙරළේ 
කොලම්බියා, හාවඩ්, යේල්, ප්‍රින්ස්ටන්

00:43:32,359 --> 00:43:35,509
උපන්නේ අබිං මුදල්වලින්

00:43:36,594 --> 00:43:41,748
ඇමරිකන් කාර්මික විප්ලවයට
විශාල වශයෙන් මුදල් යෙදවුණා

00:43:41,848 --> 00:43:48,002
ඒ මුදල් ආවේ චීනය සමඟ කළ
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගනුදෙනුවලින්

00:43:48,102 --> 00:43:53,002
ඇමරිකාවේ වඩාත් 
ලිබරල්වාදී ජනාධිපති

00:43:54,636 --> 00:43:58,511
ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට්ගේ
සීයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්

00:43:58,611 --> 00:44:03,340
ෆ්‍රැන්ක්ලින් ඩෙලනෝ රූස්වෙල්ට්
ජීවිත කාලයේ මුදල් හම්බ කළේ නෑ

00:44:03,440 --> 00:44:06,808
ඔහු කළේ ජනතා සේවයක්
ලොකු වැටුපක් ලැබුුණේ නෑ

00:44:06,908 --> 00:44:11,032
ඒත් ඔහුට රුවල් නැව් තිබුණා
නිව්යෝක් නුවර බංගලා තිබුණා 

00:44:11,132 --> 00:44:14,145
දරුවන් ඉගෙන ගත්තේ 
පෞද්ගලික පාසල්වල

00:44:14,245 --> 00:44:18,032
ඔහුට වාසනාව උරුම වුණේ 
පියා වොරන් ඩෙලනෝගෙන්

00:44:18,132 --> 00:44:20,828
චීනයේ ඇමරිකන් අබිං රජු

00:44:20,928 --> 00:44:24,606
ෆෝබ්ස් නම තියෙනවා නම් ...

00:44:24,706 --> 00:44:29,046
ජෝන් ෆෝබ්ස් කෙරී වගේ ...

00:44:29,146 --> 00:44:31,476
ඇමරිකන් රාජ්‍ය ලේකම් 
ජෝන් ෆෝබ්ස් කෙරී

00:44:31,576 --> 00:44:32,881
අබිං සල්ලි හමුවේවි

00:44:32,981 --> 00:44:36,763
ඔහුගේ මුත්තා අබිං වෙළෙන්දෙක්

00:44:36,763 --> 00:44:40,860
පළමු කාර්මික නගරය 
ඉදිවුණේ අබිං මුදල්වලින්

00:44:40,960 --> 00:44:43,923
ලොවෙල්, මැසචුසෙට්ස් 
ඇමරිකාවේ පළමු කාර්මික නගරය

00:44:43,923 --> 00:44:47,238
ඇමරිකාවේ පළමු දුම්රිය මාර්ග 
ඉදි කෙරුණේ අබිං මුදල්වලින්

00:44:47,338 --> 00:44:52,430
නැගෙනහිර වෙරළ තීරය පුරා 
අබිං සල්ලි, ඒත් ඒ ගැන කතා නෑ

00:44:52,430 --> 00:44:58,759
කෞතුකාගාරවල තේ, සේද 
පමණක් ප්‍රදර්ශනය කෙරෙනවා

00:44:58,859 --> 00:45:03,805
අබිංවලින් ලැබුණු මුදල් ගැන නිහඬයි

00:45:03,905 --> 00:45:09,169
අබිං නිසා, චීනය ආක්‍රමණය 
කෙරුණා, යටත් විජිතයක් වුණා

00:45:09,269 --> 00:45:12,686
බ්‍රිතාන්‍යය සහ අනෙකුත් 
අධිරාජ්‍ය බලවතුන් අතින්

00:45:13,900 --> 00:45:18,752
විදෙස් හමුදා චීනය අල්ලා ගත්තා

00:45:18,852 --> 00:45:25,752
මේ ඇමරිකන් හමුදාව, පීකිං
ටියැනමන් චතුරස්‍රය අල්ලා ගත් අයුරු

00:45:27,000 --> 00:45:34,000
ෂැංග්හායි වැනි නගර 
විදෙස් ආධිපත්‍යයට යටවුණා

00:45:34,262 --> 00:45:37,540
විදේශිකයන්ට වරප්‍රසාද,
ඔවුන් ගත කළේ සැප ජීවිත

00:45:37,640 --> 00:45:42,557
චීන්නුන්ට උරුම කළේ දිළිදුකම

00:45:50,531 --> 00:45:57,397
‘බොක්සර් කැරැල්ල’ නමැති විරෝධය 
ම්ලේච්ඡ අයුරින් මර්දනය කෙරුණා

00:45:58,976 --> 00:46:01,672
චීනයට සිදුවුණු කෙණෙහිලිකම් නිසා ...

00:46:01,772 --> 00:46:06,766
චීනයට, බටහිර ගැන පිළිකුළක් 
ඇතිවුණා, 20 වැනි සියවස දක්වාම

00:46:09,139 --> 00:46:13,000
මේ කීර්තිමත් ඉතිහාසඥ 
තියඩෝර් එච්. වයිට්

00:46:13,100 --> 00:46:18,393
ධවල මන්දිර උපදේශක, 1960 දශකයේ 

00:46:19,000 --> 00:46:24,203
චීනය විශාල වැඩියි, දයාවෙන් 
අනුකම්පාවෙන් පාලනය කරන්න

00:46:24,303 --> 00:46:29,866
චීනයට ඒත්තු ගන්වන්න ඕනෑ

00:46:29,966 --> 00:46:35,033
ලෝකය අවුල්සහගත වීමේ
ප්‍රධාන සාධකය ඔවුන් බව

00:46:35,410 --> 00:46:39,327
ඔවුන්ගේ උමතු සිතුවිලි 
වෙනස් කරන්න සිදුවෙනවා

00:46:40,625 --> 00:46:46,255
ඔබට වෛර කරන ජනතාවගේ 
සිත් වෙනස් කිරීමයි අමාරු වැඩේ

00:46:47,590 --> 00:46:50,208
වයිට් ඇත්තටම මැසිවිලි නැඟුවේ ...

00:46:50,208 --> 00:46:55,162
බටහිර ආධිපත්‍යයට, චීනය 
නතු කර ගැනීමට නොහැකිවීම

00:46:55,262 --> 00:46:59,017
ඒ වගේමයි, ජෙනරාල් 
චියැං කායි-ෂෙක්ගේ පරාජය

00:46:59,117 --> 00:47:03,558
ඔහුගේ ප්‍රකට බලවත් 
කිතුනු භාර්යාව මෙයි ලිංග් සුං

00:47:03,658 --> 00:47:08,000
චීනය සම්බන්ධයෙන් ඇමරිකාවේ 
අවශ්‍යතා සපුරා ගන්න උදවු කළා

00:47:08,409 --> 00:47:12,727
ඒ ඔවුන් නෙරපන්න පෙර, 1949 දී

00:47:12,727 --> 00:47:16,394
මාඕ සේතුං මෙහෙයවූ
කොමියුනිස්ට් විප්ලවයෙන්

00:47:17,782 --> 00:47:20,765
මාඕ, චියැං කායි-ෂෙක්
තෙවරක් පරාජය කළා

00:47:20,865 --> 00:47:24,607
සටන්වලට මිලියන 
ගණනක් සම්බන්ධ වුණා

00:47:24,707 --> 00:47:28,261
මාඕ තමයි ජයග්‍රාහකයා,
1930 ගණන්වල සිට

00:47:28,361 --> 00:47:34,345
ඒත් අපි ඒ ගැන හරිහැටි දැන සිටියේ නෑ
අදටත් ජනතාවට ඒ ගැන අවබෝධය නෑ

00:47:35,000 --> 00:47:40,657
ෂැංග්හායි වෙත පණිවුඩය ලැබිලා
විදෙස් වෙළෙඳසැල් වසා දැමුණා

00:47:40,657 --> 00:47:44,574
ඉක්මනින් පිටවෙයල්ලා!
කොමියුනිස්ට්වාදීන් එනවා!

00:47:44,674 --> 00:47:47,420
අතට අහුවෙන දෙයක් 
අරන් පලා යන්න

00:47:47,520 --> 00:47:51,532
බටහිර වැසියන් යන්න ගියා
ඔවුන් ඉදි කළ නගර හැර දමලා

00:47:51,532 --> 00:47:54,580
හොඳ, නරක හැමෝටම යන්න වුණා

00:47:54,680 --> 00:48:00,000
ලාභ බලාගෙන ආ ව්‍යාපාරිකයන් 
මෙන්ම සුවපත් කරන්න ආ මිෂනාරිවරුන්

00:48:00,100 --> 00:48:04,897
සමුගෙන ගියා, යැංසි නදියේ 
අවසන් නැවට ගොඩවෙමින්

00:48:04,997 --> 00:48:08,981
බටහිර බලපෑම නිමා වුණා

00:48:10,912 --> 00:48:14,436
අදත් හරිහැටි තේරුම් ගන්න අමාරුයි 

00:48:14,536 --> 00:48:18,853
මාඕගේ විප්ලවයෙන් 
අවුළුවන ලද ව්‍යාකූලත්වය

00:48:21,212 --> 00:48:25,438
ලෝක සිතියමේ චීනය 
දෙස බලද්දී පැහැදිලියි

00:48:25,538 --> 00:48:28,546
ආසියාවේ අප මුහුණ දෙන 
සියලු කරදරවලට මුල චීනය

00:48:28,646 --> 00:48:33,213
මම විශ්වාස කරනවා
අපේ ආරක්ෂාව වෙනුවෙන්

00:48:34,630 --> 00:48:38,797
අප සූදානමින් සිටින්න ඕනෑ

00:48:39,909 --> 00:48:44,992
චීනයෙන් ඇමරිකාවට 
මිසයිල ප්‍රහාර එල්ල විය හැකියි

00:48:47,033 --> 00:48:54,236
මාඕ පිළිබඳ එක් මිථ්‍යාවක් තමයි 
ධනවාදී බටහිර සතුරා ලෙස හැඳින්වීම

00:49:04,695 --> 00:49:08,851
ෂැංග්හායි අද සමෘද්ධිමත් 
ජාත්‍යන්තර නගරයක්

00:49:08,851 --> 00:49:13,684
නමට කොමියුනිස්ට් යැයි කියන
පුද්ගලයන් විසින් පාලනය කරන

00:49:22,213 --> 00:49:25,757
මම අවසන් වරට චීනයේ සිටිද්දී
පරම්පරාවකට කලින් ...

00:49:25,857 --> 00:49:30,626
අසන්න ලැබුණු ලොකුම 
ශබ්දය පා පැදියේ සීනුව

00:49:30,726 --> 00:49:35,493
මාඕ මියගියා, වීදි අඳුරු වුණා
විශ්ව විද්‍යාල වසා දැමුණා

00:49:35,593 --> 00:49:41,206
සංස්කෘතික විප්ලවය
නිහැඬියාවක් ඇති කරලා

00:49:41,306 --> 00:49:45,661
"අපට වෙහෙසයි" අසන්න ලැබුණු
නිදහස් සිතුවිල්ලක් වූයේ එයයි

00:49:45,661 --> 00:49:49,569
ආපසු ආ මට, ඒ වෙනස දකින්න නෑ

00:49:49,669 --> 00:49:53,800
ෂැංග්හායි නුවර, නිදහස උපරිමයෙන්

00:49:53,900 --> 00:49:56,327
මානව හිමිකම් ගැටළු තිබෙනවා තමයි

00:49:56,427 --> 00:50:01,794
රජයට විරුද්ධව දක්වන්න බෑ
බලයට අභියෝග කරන්න බෑ

00:50:01,894 --> 00:50:06,774
එදාට වඩා මිලියන ගණනක් 
දිළිදුබවෙන් මුදාගෙන තියෙනවා

00:50:06,774 --> 00:50:11,283
බොහෝ දෙනා මධ්‍යම පංතියේ වැසියන්

00:50:11,383 --> 00:50:18,064
මේ පෙරළිය බටහිරට වැටහෙන්නේ නෑ
ඔවුන් වටහාගත් ආකාරයත් වැරදියි

00:50:19,076 --> 00:50:22,677
සත්‍යය, චීනය ඇමරිකාවට සමානයි

00:50:22,777 --> 00:50:25,730
චීනයට තිබෙන්නේ
ඔවුන්ට ආවේණික ධනවාදයක්

00:50:25,830 --> 00:50:28,813
ඒකට සමාව දෙන්න බෑ

00:50:31,000 --> 00:50:36,418
චීනයේ නව ධනවාදය මනින්නේ‍
හූරාන් ධනවතුන්ගේ ලැයිස්තුවෙන්

00:50:37,951 --> 00:50:40,459
චීන සුපිරි ධනවතුන්ගේ ලැයිස්තුව

00:50:40,559 --> 00:50:43,472
සකස් කළේ රූපට් හූගන්වෝෆ්

00:50:43,472 --> 00:50:47,139
ඔහුගේ චීන නම හූරාන්

00:50:50,031 --> 00:50:54,854
ඔහුට සම්මාන රැසක් හිමිවුණා
'චීනයේ වසරේ මිනිසා' ඔහුයි

00:50:55,872 --> 00:51:01,047
චීන ධන කුවේරයන්ගේ 
වර්ධනයක් පෙන්නුම් කරනවා

00:51:01,147 --> 00:51:03,346
ඒක ඓතිහාසික වර්ධනයක්

00:51:03,346 --> 00:51:08,988
මම අවුරුදු ගණනක් අවධානයෙන්,
සෑම වසරකම ධනවතුන් වැඩි වෙනවා

00:51:09,243 --> 00:51:14,348
පවුම් මිලියන 200 ක් හෝ
ඩොලර් මිලියන 300 ක් ඇති අය

00:51:14,448 --> 00:51:20,405
8,00,000 ක් පමණ හමුවෙනවා
මේ 2015 දී ඒ ගණන දෙගුණයක්

00:51:20,505 --> 00:51:24,222
ඩොලර් බිලියනපතියන් බොහෝ 
දෙනෙක් චීනයේ, ඇමරිකාවට වඩා

00:51:24,322 --> 00:51:33,062
මේ වනතුරු ඇමරිකාව තමයි 
ව්‍යාපාරික ලොවේ බලවතා වුණේ

00:51:33,062 --> 00:51:37,604
2015 දී චීනය ඇමරිකාව පසු කළා

00:51:43,400 --> 00:51:46,519
නූතන චීනයේ උපහාසාත්මක දේ 
බොහොමයි

00:51:46,619 --> 00:51:49,528
මේ කෞතුකාගාරය, එදා ...

00:51:49,628 --> 00:51:52,587
මාඕ සහ ඔහුගේ සගයන් 
රහසේ හමුවුණු ස්ථානයයි

00:51:52,687 --> 00:51:56,670
චීන කොමියුනිස්ට් පක්ෂය 
ඇරැඹුණේ මෙතැනදී, 1921 දී

00:52:10,944 --> 00:52:14,063
අද මේ කෞතුකාගාරය තියෙන්නේ ...

00:52:14,163 --> 00:52:18,896
ධනවාදයේ උපරිමය පෙන්වන
සාප්පු සංකීර්ණවලින් වටවෙලා

00:52:25,268 --> 00:52:30,310
චීන මහා විප්ලවයට උපහාරයක් 
ලෙස සැලකෙන මේ පූජනීය ස්ථානය

00:52:30,410 --> 00:52:32,549
වටේ තියෙනවා අපූරු දේවල්

00:52:32,649 --> 00:52:39,180
චීන කොමියුනිස්ට් පක්ෂය උපන්
ස්ථානය ධනවාදය විසින් වට කරලා

00:52:39,280 --> 00:52:43,396
ස්ටාර්බක්ස්, ඇපල්, කාටියේර්
ඩෝෂේ සහ කබානා ආදී සන්නාම

00:52:43,496 --> 00:52:47,461
නිදහස් වෙළෙදපොළේ මහා 
ජයග්‍රහණය, බෝතල් කළ වතුර

00:52:47,561 --> 00:52:51,081
ජිවිතයට අවශ්‍ය වතුර 
බෝතල් කර විකුණනවා

00:52:51,181 --> 00:52:55,881
එක බෝතලයක් පවුම් 6 ක්

00:52:55,981 --> 00:53:00,882
මාඕ මේ දේවල් දන්නවා නම්
හිනාවේවිද? මට නම් සැකයි

00:53:00,982 --> 00:53:04,284
සත්‍යය සැමවිටම ඇත්තේ සැඟවිලා

00:53:04,384 --> 00:53:08,451
මහා කොමියුනිස්ට් 
විප්ලවයට පෙර, 1949 දී

00:53:09,514 --> 00:53:13,532
මාඕ රහස් ලිපියක් 
යැව්වා වොෂින්ටනයට

00:53:13,632 --> 00:53:16,328
චීනය කාර්මිකකරණය විය යුතුයි

00:53:16,428 --> 00:53:19,840
එසේ කළ හැක්කේ නිදහස් ව්‍යවසායකින්

00:53:19,940 --> 00:53:23,090
චීන, ඇමරිකා අවශ්‍යතා පෑහෙනවා

00:53:23,190 --> 00:53:25,863
ආර්ථික සහ දේශපාලනික වශයෙන්

00:53:25,963 --> 00:53:29,850
ඇමරිකාව බිය විය යුතු නෑ
අප සහයෝගයෙන් වැඩ කරනවා

00:53:29,950 --> 00:53:32,894
ඇමරිකාවට විරුද්ධ වෙන්නේ නෑ

00:53:32,994 --> 00:53:35,494
ගැටුමක් ඇති කරගන්න ඕනෑ නෑ

00:53:36,630 --> 00:53:39,463
මාඕට පිළිතුරක් නෑ

00:53:40,176 --> 00:53:42,843
කිසිවක් වෙනස් වුණේ නෑ

00:53:45,812 --> 00:53:50,329
මාඕ ​සේතුං උත්සහ කළේ ඇමරිකාවේ 
මිතුරා වෙන්න, ආරම්භයේ සිටම

00:53:50,429 --> 00:53:54,441
මාඕ, ධවල මන්දිරයට ගිහින්
ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් හමුවන්න හැදුවා

00:53:54,541 --> 00:53:57,330
1950 දී හැරී ටෲමන් සමඟ 
සම්බන්ධ වෙන්න හැදුවා

00:53:57,430 --> 00:54:01,368
අයිසන්හවර් හමුවෙන්න හැදුවා
ඒත් ඔහුට අවස්ථාව ලබා දුන්නේ නෑ

00:54:05,467 --> 00:54:09,127
අවස්ථාවක් ලැබුණා නම්
ඉතිහාසය වෙනස් වෙනවා

00:54:09,227 --> 00:54:13,141
යුද්ධ වළක්වා ගන්න තිබුණා
ජීවිත බේරාගන්න තිබුණා

00:54:13,241 --> 00:54:20,000
සියල්ල වුණේ මාඕගේ මිත්‍රත්වය 
වොෂින්ටනය ප්‍රතික්ෂේප කළ නිසා

00:54:21,450 --> 00:54:25,658
රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්
මාඕගේ ලිපි රැගෙන ගිය ...

00:54:25,758 --> 00:54:30,491
කොමියුනිස්ට් ද්‍රෝහීන් ලෙස නම් කෙරුණා

00:54:32,278 --> 00:54:36,344
මාඕ හඳුනා ගත්, චීන කතා කළ
සියලු දෙනා ප්‍රතික්ෂේප වුණා

00:54:36,444 --> 00:54:41,745
1950 දී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 
චීන කතා කරන නිලධාරීන් හිටියේ නෑ

00:54:42,854 --> 00:54:49,221
එයයි හේතුව, ලොව ජනගහනය 
වැඩිම රට සමඟ සබඳතා ගිලිහෙන්න

00:54:51,861 --> 00:54:58,802
1979 දී ඩෙංග් ෂියෝපිං 
චීනයේ ජනාධිපති වුණා

00:54:59,907 --> 00:55:04,074
සමාජවාදය යනු ජනතාව දුප්පත්
කිරීම නොවෙයි, ඔහු කීවා

00:55:07,869 --> 00:55:11,037
රැඩිකල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නා

00:55:11,137 --> 00:55:16,804
මාඕ​ගේ විප්ලවයෙන් පසු
යළිත් වරක් චීනයට ධනවාදය

00:55:17,459 --> 00:55:21,459
මේ වතාවේ එය පාලනය කළේ
කොමියුනිස්ට් පක්ෂය විසින්

00:55:24,393 --> 00:55:29,125
පොහොසත් වීම තේජාන්විතයි
ඩෙංග් දිගින් දිගටම පෙන්වා දුන්නා

00:55:29,225 --> 00:55:34,465
ඇමරිකාවට අලුත් චීනයේ
නැගී සිටීම තර්ජනයක් වුණා

00:55:42,373 --> 00:55:48,346
මේවා තමයි ෂැංග්හායි නුවර 
ධනවතුන්ගේ මන්දිර

00:55:48,446 --> 00:55:52,327
මේ මහල් නිවාස අධික මිලකින් යුක්තයි

00:55:58,014 --> 00:56:01,235
හමුවුණා මහාචාර්ය ෂෙංග් වෙයිවෙයි

00:56:01,335 --> 00:56:06,250
චීනය වෙනස් කළ ජනාධිපති 
ඩෙංග් ෂියෝපිංගේ සමීපතමයෙක්

00:56:07,913 --> 00:56:14,080
ඩෙංග් දිගුකාලීන දැක්මක් 
තිබුණු දක්ෂ නායකයෙක්

00:56:15,114 --> 00:56:22,844
උපායමාර්ගික දැක්මක් තිබුණා
රට සහ ජනතාව වෙනුවෙන්

00:56:22,944 --> 00:56:25,873
චීනය අදත් ගමන් කරන්නේ ඒ මාර්ගයේ

00:56:25,973 --> 00:56:30,760
ඒක සම්ප්‍රදායක්, චීනයේ දීර්ඝ ඉතිහාසයේ 

00:56:30,860 --> 00:56:33,243
මාඕගේ දැක්මට එය සමානයි

00:56:33,243 --> 00:56:38,209
එක්සත් රාජධානිය, ඇමරිකාව
පසු කරන්න අපට පුළුවන් 

00:56:38,209 --> 00:56:41,582
ඒ සම්ප්‍රදාය අදටත් ක්‍රියාත්මකයි

00:56:41,582 --> 00:56:45,101
වත්මන් ජනපති ෂී ජින්පින්
කටයුතු කරන්නෙත් ඒ විදියට

00:56:45,201 --> 00:56:52,593
බටහිර මාධ්‍ය අර්ථ දක්වන විදියට
චීනයේ ප්‍රශ්න තියෙනවා

00:56:52,693 --> 00:56:56,760
සැබෑ දේවල් ඔවුන්ගෙන් වසං වෙලා

00:56:57,025 --> 00:57:05,165
BBC වාර්තා අනුව අත්තනෝමතික 
කොමියුනිස්ට් ඒකාධිපතියන් ඉන්නවා

00:57:05,265 --> 00:57:11,597
මේ වගේ ලේබල් කරනවා නම්
ඔබට චීනය තේරුම් ගන්න බෑ

00:57:11,697 --> 00:57:17,347
BBC, CNN නරඹමින්
'ඉකොනොමිස්ට්' කියවමින් ...

00:57:17,447 --> 00:57:23,178
චීනය තේරුම් ගන්න
හැදුවොත් ඒක අසාර්ථකයි

00:57:24,351 --> 00:57:28,098
දේශපාලන පක්ෂ කිහිපයක් 
පොර කනවා බලය වෙනුවෙන්

00:57:28,198 --> 00:57:31,742
අද බොහෝ රටවල දේශපාලනය මෙයයි

00:57:31,842 --> 00:57:36,414
එරික් ලී, ඇමරිකා​වේ අධ්‍යාපනය 
ලැබූ ෂැංග්හායි ව්‍යවසායකයෙක්

00:57:36,514 --> 00:57:41,121
නොබියව අදහස් පළ කරන
දේශපාලන විශ්ලේෂකයෙක්

00:57:42,889 --> 00:57:46,029
චීනයේ ප්‍රශ්න රැසක් තියෙනවා

00:57:46,129 --> 00:57:55,085
චීන පක්ෂ රාජ්‍යය පෙන්වනවා
ඔවුන්ට වෙනස් වෙන්න පුළුවන්

00:57:55,185 --> 00:58:00,125
ඇමරිකාවේ ඔබට පුළුවන්
දේශපාලන පක්ෂ වෙනස් කරන්න

00:58:00,225 --> 00:58:03,287
ඒත් ප්‍රතිපත්ති වෙනස් කරන්න බෑ

00:58:03,387 --> 00:58:08,452
චීනයේ පක්ෂය වෙනස් කරන්න බෑ
ඒත් ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන්

00:58:08,772 --> 00:58:13,538
අවුරුදු 65 හෝ 66 තිස්සේ චීනය 
පාලනය කරන්නේ තනි පක්ෂයක්

00:58:13,638 --> 00:58:21,482
ඒත් දේශපාලන වෙනස්වීම් රැසක් 
සිදුවුණා චීන​යේ, ගතවුණු වසර 66 පුරා

00:58:22,598 --> 00:58:27,858
මහා පරිමාණයෙන් 
කිසිම රටක සිදු නොවුණු තරම්

00:58:27,958 --> 00:58:32,552
චීනය කොමියුනිස්ට් වීම
නැවැත්තුවා, ඒකද ඔබ කියන්නේ?

00:58:32,652 --> 00:58:38,087
චීනය වෙළෙඳපොළ ආර්ථිකයක්
ඒත් ධනවාදී රටක් ​නොවෙයි

00:58:38,187 --> 00:58:46,671
පක්ෂයේ තීන්දු තීරණ ගන්න
බිලියනපතියන්ගේ බලපෑම් නෑ

00:58:47,859 --> 00:58:52,776
ඇමරිකාවේ ප්‍රතිපත්ති සම්පාදනය
වෙන්නේ බිලියනපතින්ගේ බලපෑමෙන්

00:58:53,308 --> 00:58:57,207
චීනයේ තියෙනවා සජීවී 
වෙළෙඳපොළ ආර්ථිකයක්

00:58:57,307 --> 00:59:00,374
දේශපාලන අධිකාරිය ඉක්මවන්නේ නෑ

00:59:01,298 --> 00:59:05,548
ප්‍රාග්ධනයට අනුබද්ධ අයිතීන් නෑ

00:59:07,024 --> 00:59:14,457
ඇමරිකා​වේ, ප්‍රාග්ධනය
එරට ජාතියට වඩා ඉහළ ගිහින්

00:59:16,316 --> 00:59:19,759
දේශපාලන අධිකාරියට බෑ
ප්‍රාග්ධනයට සමාන වෙන්න

00:59:19,859 --> 00:59:24,064
ඒකයි ඇමරිකාව ධනවාදී රටක් 
වෙන්නේ, ඒත් චීනය එහෙම නෑ

00:59:25,000 --> 00:59:30,840
වැඩියෙන්ම අලෙවි වුණු
කෘතිය, ජැං ලිජියාගේ ලියූ

00:59:30,940 --> 00:59:35,487
මාධ්‍යවේදිනියක්, විචාරකයෙක්
බෙයිජීං ජීවත් වෙන

00:59:35,587 --> 00:59:38,529
ඇමරිකානුවන් සිතන්නේ 
චීන ජාතිකයන් ...

00:59:38,629 --> 00:59:47,000
ඉතා දුක, මර්දනයට ලක්වෙමින්  
නිදහසක් නැතිව ජීවත් වෙනවා කියලයි

00:59:47,200 --> 00:59:48,265
ඒත් ඒක වැරදියි

00:59:48,365 --> 00:59:52,397
සාමාන්‍ය චීන වැසියන් 
සමඟ කතා කළොත් ...

00:59:52,497 --> 00:59:55,792
කොතරම් නිදහසේ ජීවත් 
වෙනවාදැයි ඔවුන් කියාවි

00:59:55,892 --> 00:59:59,163
මිලියන 500 ක ජනතාවක්
දුප්පත්කමෙන් මුදා ගත්තා

00:59:59,163 --> 01:00:03,604
ඒක විශාල ජයග්‍රහණයක්

01:00:05,206 --> 01:00:09,774
ඇමරිකානුවන්ට තවමත්
චීන්නු ‘මහා අන්තරාවක්’

01:00:09,874 --> 01:00:15,224
චීනය ගැන බයක් තියෙනවා
චීනයේ වේගවත් වර්ධනයට බයයි

01:00:15,324 --> 01:00:23,631
හේතුව, කොමියුනිස්ට් රටක් 
විදියට චීනය ලේබල් කිරීම 

01:00:24,854 --> 01:00:29,403
චීනයට ඇත්තේ නිහතමානී අරමුණක්
ඔවුන්ගේ විශාලත්වය සමඟ සසඳන විට

01:00:30,785 --> 01:00:32,843
ලෝකය පාලනය කරන්න ඔවුන්ට ඕනෑ නෑ

01:00:32,943 --> 01:00:36,187
ආසියා පැසිෆික් කලාපය පාලනය 
කරන්න ඔවුන්ට ඕනෑ නෑ

01:00:36,187 --> 01:00:42,071
ඔවුන්ට ඕනෑ ඇමරිකාව ආසියා පැසිෆික් 
කලාපයේ ආධිපත්‍ය පැතිරවීම වැළැක්වීමයි

01:00:42,171 --> 01:00:47,755
ආසියා පැසිෆික් කලාපයේ 
හිමි තැන ගන්නයි චීනයට ඕනෑ

01:00:47,855 --> 01:00:50,671
සංස්කෘතික සහ ඓතිහාසික 
සබඳතා අනුව

01:00:50,671 --> 01:00:54,883
ඔවුන්ගේ අරමුණ නිහතමානීයි
ඔවුන්ට ඇති බලය අනුව බලද්දී

01:00:55,808 --> 01:01:04,614
චීනයේ ධනය, ස්වයං-සාදන ලද 
ව්‍යවසායක කුසලතාවේ ප්‍රතිඵලයක්

01:01:06,300 --> 01:01:15,138
ඒත් එය චීන සංක්‍රමණිකයන්
සූරාකෑමේ නිෂ්පාදනයක් නොවේද?

01:01:15,238 --> 01:01:18,212
ඒත් ඔවුන් සංක්‍රමණිකයන් නොවේ
ඔවුනුත් චීන ජාතිකයන්

01:01:18,212 --> 01:01:24,647
සංක්‍රමණික ශ්‍රමිකයන්
සම්බන්ධයෙන් කතා කළොත් ...

01:01:24,747 --> 01:01:31,414
පුදුම හිතේවි, ගතවුණු 
වසර 5 සිට 7 දක්වා කාලයේ ...

01:01:31,414 --> 01:01:39,132
ඔවුන්ගේ ආදායම ඉහළ ගිහිල්ලා
අනෙක් සමාජ කණ්ඩායම්වලට වඩා

01:01:39,132 --> 01:01:42,549
චීනයේ පංති සමාජ ක්‍රමයක් නෑ

01:01:42,828 --> 01:01:47,828
ඒත් චීනයේ පංති සමාජ 
ක්‍රමයක් තියෙනවා

01:01:49,025 --> 01:01:55,556
මේ සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ නිවාස
අලුත් චීනය ගොඩනගන්න දායක වුණු

01:02:03,285 --> 01:02:08,056
පුංචි කාමරයක පවුල් 
දෙකක්, තුනක් ඉන්නවා

01:02:13,558 --> 01:02:18,195
සමානාත්මතාවය සහිත 
සමාජවාදී රටක් වුණත් ...

01:02:18,295 --> 01:02:21,306
ප්‍රතිසංස්කරණ නිසා 
ඒක වෙනස් වෙලා

01:02:21,406 --> 01:02:27,477
අද චීනයේ සමානාත්මතාව නෑ
ආදායම් පරතරය පුළුල් වෙනවා

01:02:27,577 --> 01:02:33,828
රජය ඉඩ දීලා වෙළෙඳපොළට
රිසි පරිදි ක්‍රියාක්මක වෙන්න

01:02:33,928 --> 01:02:36,281
වෙළෙඳපොළ කාන්තාවන්
දිහා අනුකම්පාවෙන් බලන්නේ නෑ

01:02:36,381 --> 01:02:39,526
පෞද්ගලික සමාගම් අකමැතියි

01:02:39,626 --> 01:02:43,500
දරුවන් ඉන්න කාන්තාවන්ට රැකියා දෙන්න 

01:02:43,865 --> 01:02:47,494
ගැබිනියක් නම් රැකියාවෙන් ඉවතට

01:02:47,594 --> 01:02:49,670
ප්‍රසූත නිවාඩු වෙනුවෙන් 
මුදල් දෙන්න කැමැති නෑ

01:02:49,770 --> 01:02:53,874
ආදායම් පරතරය බොහෝ 
සෙයින් විශාල වෙමින් තිබෙනවා

01:02:53,974 --> 01:02:55,807
පිරිමින් සහ කාන්තාවන් අතරේ

01:02:57,073 --> 01:03:04,460
ඩෙංග් ෂියෝපිං, ටියැනමන්
ලේ වැගිරීමට වග කියන්න ඕනෑ

01:03:04,560 --> 01:03:10,627
ටියැනමන් සිද්ධිය ගැන 
ඔබ මොකද කියන්නේ?

01:03:11,537 -->  01:03:19,210
ඔවුන් සටන් කළේ චීනයේ 
ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් ඉල්ලමින්

01:03:20,592 --> 01:03:24,175
1989 වසරේ තිබුණා 
දේශපාලන බලවේග දෙකක්

01:03:25,375 --> 01:03:29,780
එක් බලවේගයක් චීන සිසුන්

01:03:29,880 --> 01:03:35,215
ඔවුන්ගේ වීරයා මිහායිල් ගොර්බචොෆ්

01:03:35,315 --> 01:03:40,087
චීන සිසුන්ගේ සටන් පාඨය
'අද සෝවියට් සංගමය, හෙට චීනය'

01:03:40,187 --> 01:03:44,775
දේශපාලන ප්‍රතිසංස්කරණ මුලින්ම
අනෙක් ප්‍රතිසංස්කරණ ඊට පස්සේ

01:03:44,875 --> 01:03:47,289
නැතිනම් චීනය බලාපොරොත්තු 
රහිත වේවි ඔවුන් කීවා

01:03:47,389 --> 01:03:52,530
ඩෙංග් ඊට විරුද්ධ වුණා
ගොර්බචොෆ් මෝඩයකු කීවා

01:03:52,630 --> 01:03:58,720
ඔහු විශ්වාස කළේ චීනයේ මුල්තැන 
ආර්ථික ප්‍රතිසංස්කරණවලට කියලයි

01:03:58,820 --> 01:04:01,487
ඔහු කටයුතු කළේ ඒ අනුවයි

01:04:02,769 --> 01:04:07,493
අවාසනාවකට, එදා 1989 දී ...

01:04:07,593 --> 01:04:11,494
දේශපාලන බලවේග දෙකට
එකඟත්වයකට එන්න බැරි වුණා

01:04:11,594 --> 01:04:14,344
ඛේදවාචකයකට හේතුවක් වුණා

01:04:15,644 --> 01:04:20,139
ඒක ඛේදවාචකයකට වඩා දෙයක්
සමූල ඝාතනයක්

01:04:20,239 --> 01:04:25,206
ඒ අමිහිරි සිද්ධිය
නූතන චීනයට කළු පැල්ලමක්

01:04:27,380 --> 01:04:31,380
විරුද්ධවාදීන්ට තවමත් 
චීන පාලකයන් බයයි

01:04:33,975 --> 01:04:37,061
නොබියව අදහස් කියන සමාජ
ක්‍රියාකාරීන්ට බයයි

01:04:37,161 --> 01:04:40,562
ලූ ෂියාබෝ වගේ
- හරියට හරි

01:04:40,662 --> 01:04:44,729
ඔහුට නොබෙල් සාම ත්‍යාගය
හිමිවුණා, ඒත් ඔහු හිරේ

01:04:45,282 --> 01:04:50,078
ඔහු චීන නීතිය උල්ලංඝනය කළා

01:04:50,178 --> 01:04:55,899
නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම 
විවිධ ලෙස අර්ථ දක්වන්න පුළුවන්

01:04:55,999 --> 01:04:58,916
ඒත් ඔහු අන්තවාදයට ගිය අයෙක්

01:05:00,878 --> 01:05:06,751
ලූ ෂියාබෝ, රජයට අභියෝග කළා
ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඉල්ලා

01:05:06,951 --> 01:05:09,434
ඔහුට 13 වසරක 
සිර දඬුවමක් හිමිවුණා

01:05:12,368 --> 01:05:17,840
චීන රජයට ඇයි බැරි
විවේචන දරා ගන්න?

01:05:17,940 --> 01:05:20,574
නොබෙල් කමිටුව ලොකු වරදක් කළා

01:05:20,674 --> 01:05:22,832
ඔවුන් චීනයෙන් සමාව ගන්න ඕනෑ

01:05:22,932 --> 01:05:29,259
ව්‍යවස්ථාව උල්ලංඝනය කළොත්
නීති කැඩුවොත්, දඬුවම් ලැබිය යුතුයි

01:05:34,650 --> 01:05:42,510
අදත් චීන රජයට එරෙහි විවිධ 
විරෝධතා විටින් විට පැවැත්වෙනවා

01:05:44,001 --> 01:05:51,922
2015 දී විරෝධතා සහ 
වැඩ වර්ජන ඉහළ ගියා

01:05:53,175 --> 01:05:57,092
බටහිර මාධ්‍ය මේ දේවල් දන්නේ නෑ

01:05:58,112 --> 01:06:01,541
චීනයේ නිතරම 
උද්ඝෝෂණ පැවැත්වෙනවා

01:06:01,641 --> 01:06:07,479
වාණිජ කටයුතු සඳහා ගොවි ඉඩම් 
රජයට පවරා ගනිද්දී විරෝධයක් ආවා

01:06:07,514 --> 01:06:10,121
ගොවීන්ට නිසි වන්දි නොලැබුණු නිසා

01:06:10,321 --> 01:06:16,128
ගොවීන් උද්ඝෝෂණය කළේ
ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් 

01:06:16,228 --> 01:06:21,509
තරුණ කර්මාන්ත සේවකයන්
වැඩි වැටුප් ඉල්ලමින් උද්ඝෝෂණයේ

01:06:21,609 --> 01:06:26,760
උද්ඝෝෂණවලට හේතුව ආර්ථික 
ගැටලු, දේශපාලනය නොවේ

01:06:26,860 --> 01:06:33,129
රටපුරා උද්ඝෝෂණ නෑ
මහා පෙරැළියක් වෙන්නේ නෑ

01:06:33,329 --> 01:06:36,479
විප්ලවයක් දක්වා දුරදිග යන්නේ නෑ

01:06:37,530 --> 01:06:45,221
මාඕගේ විප්ලවය, අවසන් විප්ලවය?
- එහෙම කියන්න බෑ

01:06:57,000 --> 01:07:03,694
ජපානයේ ඔකනාවා දූපතේ
හමුදා ස්ථාන 32 ක් තියෙනවා

01:07:04,066 --> 01:07:08,468
ඇමරිකාව පහර දුන්නේ 
මෙතැන ඉදන්, කොරියාවට ...

01:07:08,568 --> 01:07:13,551
වියට්නාමයට, කාම්බෝජයට
ඇෆ්ගනිස්තානයට, ඉරාකයට

01:07:14,249 --> 01:07:18,262
අහසේ නිතරම ප්‍රහාරක
ජෙට් යානා සහ හෙලිකොප්ටර්

01:07:26,000 --> 01:07:31,110
හැමතැනම වැටවල්
ඒවා පසුකරන්න තහනම්

01:07:36,000 --> 01:07:42,012
ඔකනාවා තමයි පෙරමුණ 
චීනය සමඟ යුද්ධයකදී

01:07:48,349 --> 01:07:53,599
87 හැවිරිදි ෆුමිකෝ ෂිමබුකූරු

01:07:54,047 --> 01:07:58,089
අහිංසාවාදී විරෝධතා 
මෙහෙයවන නායිකාවක්

01:07:58,189 --> 01:08:02,089
වොෂින්ටන් ආසියා පිවිසුමට 
අභියෝග කරන

01:08:02,289 --> 01:08:05,089
<b>මම මෙතනින් හෙලවෙන්නේ නෑ</b>

01:08:05,189 --> 01:08:09,089
<b>මම ආවේ මගේ විරෝධය 
දක්වන්න, අල්ලන්න එපා මාව</b>

01:08:10,089 --> 01:08:14,089
<b>අපට හරස් වෙන්න එපා!!</b>

01:08:23,089 --> 01:08:29,089
<b>පැත්තකට වෙන්න !!
පාරෙන් අයින් වෙන්න !!</b>

01:08:30,089 --> 01:08:38,089
<b>කැමරාව වැටෙන්න 
පහරක් දෙන්නයි හැදුවේ</b>

01:08:41,089 --> 01:08:47,089
<b>යුද්ධයේ බිහිසුණු බව
යළි අත්විඳින්න කැමැති නෑ</b>

01:08:49,000 --> 01:08:53,089
<b>යුද්ධයකින් දිවි ගලවා ගත්
කෙනකු හැටියට ...</b>

01:08:53,189 --> 01:08:57,089
<b>ඔකනාවා හමුදා කඳවුරු 
සියල්ල ඉවත් වෙන්න ඕනෑ</b>

01:09:00,909 --> 01:09:04,424
ෆුමිකෝ දිවි ගලවා ගත් 
තැනැත්තියක්

01:09:04,524 --> 01:09:10,614
දූපත්වාසීන්ගෙන් 1/4 ක් මරාදැමුණා
ඇමරිකාව ආක්‍රමණය කළ විට, 1945 දී

01:09:11,585 --> 01:09:15,752
යුද්ධයේ ඇති බිහිසුණුකම
පරම්පරා ගණනක් හොඳින් දන්නවා

01:09:28,481 --> 01:09:31,209
යුද භීෂණය දුටු මේ වැසියන් 
ජීවත් වන්නේ ...

01:09:31,309 --> 01:09:34,707
ඉතාමත් සුන්දර තැනක

01:09:34,807 --> 01:09:38,974
කොරල්පරවලින් සහ 
සාගර ජීවීන්ගෙන් පිරුණු

01:09:47,000 --> 01:09:50,685
මේ හෙනොකෝ 
බොක්කට තමයි ආවේ ...

01:09:50,785 --> 01:09:55,295
දෙවැනි ලෝක යුද්ධයෙන් 
දිවිගත් වැසියන්, සරණ පතා

01:09:55,395 --> 01:09:58,978
ඔවුන් දැන් මෙතැන 
රැක ගන්න සටනේ

01:10:00,000 --> 01:10:03,826
දූපත්වාසීන් නිර්භීත 
අරගලයක යෙදෙනවා

01:10:03,926 --> 01:10:07,576
මිහිපිට ඇති ප්‍රබලතම 
හමුදා ශක්තියට එරෙහිව

01:10:13,678 --> 01:10:19,352
ඔකනාවා හිටපු ආණ්ඩුකාර 
ඔටෝ මසාහිදේගේ කාර්යාලය

01:10:20,809 --> 01:10:25,476
මෙතැන දැන් ඡායාරූප 
කෞතුකාගාරයක් පමණක් නොවේ

01:10:25,573 --> 01:10:33,368
ලෝකයට කියා පානවා, ඔකනාවා 
වැසියන්ගේ වසර ගණනක විරෝධය

01:10:33,468 --> 01:10:38,893
ඔවුන් විඳි වේදනාව සහ 
සැඟවුණු යටගියාව

01:10:38,993 --> 01:10:43,195
සියල්ල ඇරැඹුණේ 1945 දී
ඇමරිකන් ආක්‍රමණය සමඟ

01:10:43,295 --> 01:10:46,945
මෙන්න ජනරාල් මැකාතර් 
ඔකනාවට පැමිණි අයුරු

01:10:48,824 --> 01:10:53,292
දෙවැනි ආක්‍රමණය 
සිදුවුණේ වසර 10 කට පසු

01:10:53,492 --> 01:10:57,734
බුල්ඩෝසර් සහ බයිනෙත්තු 
ව්‍යාපාරය යනු එයයි

01:10:57,834 --> 01:11:01,338
ඇමරිකන් හමුදා අල්ලා ගත්හ
ප්‍රධාන කෘෂිකාර්මික ඉඩම්

01:11:01,438 --> 01:11:05,306
ගොවිපොළ ගිනිබත් කළා
ගොවිපොළ සතුන් මැරුවා

01:11:05,406 --> 01:11:11,488
නෙරපා දැමුණු ඔකනාවා වැසියන් 
පා ගමනක යෙදුණා උදව් ඉල්ලමින්

01:11:12,628 --> 01:11:18,551
මේ බිත්තිය වෙන් වෙලා, ඔකනාවා
වැසියන්ගේ විරෝධය පෙන්වීමට 

01:11:18,651 --> 01:11:26,006
දූපතේ හැමතැනම සංඥා පුවරු 
ඒවා පසුකර යන්න අවසර නෑ

01:11:26,200 --> 01:11:33,049
කටු කම්බි වැටවල් දූපත හරහා 
දකින්න, හරියට පීත්ත පටි වගේ

01:11:33,149 --> 01:11:39,676
ඔකනාවා දූපත පුරා කඳවුරු
ඒත් ඒ වටා ඉන්නවා ජනතාව

01:11:39,776 --> 01:11:43,295
ඔවුන් දිගටම විරෝධතා පවත්වනවා

01:11:43,395 --> 01:11:48,440
ඒ්ක නොනවතින අරගලයක්
ඔවුන් පණිවුඩයක් දෙනවා

01:11:48,540 --> 01:11:53,150
ලෝ වැසියනි, නෙත් හැර බලන්න
ජපානය සහ ඇමරිකාව කරන දේ ...

01:11:53,250 --> 01:11:57,817
ඔකනාවා දූපතේ හමුදා 
කඳවුරු ඕනෑ නෑ

01:12:02,000 --> 01:12:07,817
<b>ඔකනාවා වැසියන් තවත් 
හමුදා කඳවුරු එපා කියනවා</b>

01:12:12,817 --> 01:12:17,817
<b>ජපන් රජය ගත් 
තීරණ ගැන මට කේන්තියි </b>

01:12:18,817 --> 01:12:22,817
<b>ඔවුන්ට තිබුණා අප සමඟ
ඇමරිකාවට විරෝධය දක්වන්න </b>

01:12:23,917 --> 01:12:28,817
<b>හමුදා කඳවුරු මුහුදු ඌරන්ගේ
විනාශයට හේතුවේවි </b>

01:12:29,917 --> 01:12:35,817
<b>මුහුදු ඌරා තමයි ඔකනාවා
වැසියන්ට වාසනාව ගේන්නේ </b>

01:12:36,817 --> 01:12:41,817
<b>ආධ්‍යාත්මික වශයෙන්
දූපත් වැසියන් සමඟ බැඳිලා</b>

01:12:41,917 --> 01:12:45,817
<b>මුහුදු ඌරාගේ යාළුවා කැස්බෑවා</b>

01:12:45,917 --> 01:12:50,817
<b>අනතුරක් නැති නිසා කැස්බෑවන්
මූදු ඌරන් ඉන්න තැනට එනවා</b>

01:12:52,649 --> 01:12:55,893
මේ සුන්දරත්වය අහිමි වේවි

01:12:55,993 --> 01:13:00,672
කොන්ක්‍රට් ගුවන්පථ ඉදිකරද්දී, 
ගුවන් යානාවලට, 'ෂ්වොබ්' කඳවුරේ 

01:13:00,772 --> 01:13:05,272
ඇමරිකන් හමුදා කඳවුර
මේ යකඩ වැටෙන් ඔබ්බෙන් ඇති

01:13:09,000 --> 01:13:13,869
2014 දී ඔකනාවට අලුත් 
ආණ්ඩුකාරවරයකු පත් වුණා

01:13:14,956 --> 01:13:18,123
ටකේෂි ඔනාගා දිනුවේ
බහුතරයකින්

01:13:18,200 --> 01:13:23,767
හමුදා කඳවුර නවත්වන්න
ඔහු ප්‍රතිඥා දී තිබුණා

01:13:24,087 --> 01:13:29,865
මේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී 
'ෂ්වොබ්' ඇමරිකන් කඳවුර ඉදිරි‍පිට
 
01:13:30,865 --> 01:13:36,865
<b>ප්‍රතිඵල ආවා, අපි දිනුම් !!</b>

01:13:40,865 --> 01:13:43,865
<b>අපි දිනුම් !!</b>

01:13:46,865 --> 01:13:51,865
<b>මේක අප ලැබූ ජයග්‍රහණයක්
මගේ ඇස්වලට කඳුළු එනවා</b>

01:13:52,000 --> 01:13:55,865
<b>අපි හොඳ සටනක් දුන්නා
දැන් සියල්ල අවසන්</b>

01:13:56,865 --> 01:14:01,865
<b>කඳවුරු සියල්ල ඉවත් කරනකල්
අපි මේ සටන අත හරින්නේ නෑ</b>

01:14:01,965 --> 01:14:04,865
<b>මට හරිම සතුටුයි
ඇත්තටම හරිම සතුටුයි</b>

01:14:42,024 --> 01:14:46,880
ලැබූ ජයග්‍රහණය අභියෝගයක් වුණා

01:14:46,980 --> 01:14:52,880
ටෝකියෝ රජයට එය ගැටලුවක් වුණා

01:14:54,188 --> 01:14:57,783
ගැටලුව සම්බන්ධයෙන් 
තවමත් නඩු පැවැත්වෙනවා

01:14:57,883 --> 01:15:00,700
ජපන් අගමැති ෂෙන්සෝ අබේ

01:15:01,955 --> 01:15:06,799
සැමවිටම සහාය දුන්නේ 
බලගතු ඇමරිකන් මිතුරාට

01:15:06,899 --> 01:15:10,640
ජපන් ජාතිකවාදය යළි
අවදි කරන්නයි ඔහුට ඕනෑ වුණේ

01:15:10,740 --> 01:15:13,307
හමුදා බලය නැවත ස්ථාපිත කරමින්

01:15:26,770 --> 01:15:32,374
මේ සාමකාමී විරෝධතාව රූගත 
කරද්දී, ඇමරිකන් කඳවුර ඉදිරිපිට

01:15:32,474 --> 01:15:35,335
මියගිය ආදරණීයයන් සිහිකරමින්

01:15:35,435 --> 01:15:39,257
ඇමරිකන් හෙලිකොප්ටර්
ඉහළින් කැරකෙන්න වුණා

01:15:39,357 --> 01:15:42,174
විරෝධතාවට බාධා කරමින්

01:15:52,953 --> 01:15:56,803
ගුවන් යානා, හෙලිකොප්ටර් 
ඉතා පහළින් පියාසර කිරීම ...

01:15:56,903 --> 01:15:59,192
ඔකනාවා වැසියන්ට අරුමයක් නොවේ

01:15:59,292 --> 01:16:03,564
පාසල්වල ඉගැන්වීම් කරන්න බෑ
සද්දේ වැඩියි, ඒ වගේම බය දැනෙනවා

01:16:12,000 --> 01:16:15,742
මහා විනාශයක් සිදුවුණා

01:16:15,842 --> 01:16:19,029
ඇමරිකන් ප්‍රහාරක යානයක් 
ප්‍රාථමික පාසලක් මතට කඩා වැටිලා

01:16:19,229 --> 01:16:23,196
නියමුවා පණ බේරා ගත්තා

01:16:28,706 --> 01:16:34,373
හරු අකිරාට අවුරුදු 7 යි
දරුණු ලෙස පිළිස්සී තුවාල ලැබුවා

01:16:37,000 --> 01:16:41,373
<b>වෙලාව උදේ 10.30 ට විතර</b>

01:16:44,373 --> 01:16:52,373
<b>සාජන්ට් වරයෙක් ඇවිල්ලා
ඉෂිකාවා අනතුර ගැන කීවා</b>

01:16:52,400 --> 01:16:56,373
<b>අපි දුවගෙන ගියා 
මියාමෝරි පෙර පාසලට</b>

01:16:56,473 --> 01:17:00,000
<b>මගේ පුතා කොහෙදැයි 
මට සොයා ගන්න බැරිවුණා</b>

01:17:00,100 --> 01:17:05,000
<b>මගේ පුතා රෝහලට
අරන් ගියා කවුරුද කීවා</b>

01:17:06,000 --> 01:17:11,000
<b>රෝහලේදී මට කෙනෙක් 
පුතා පෙන්නුවා</b>

01:17:12,100 --> 01:17:17,000
<b>එයා හඳුනා ගන්න බැරිවුණා
පිළිස්සුම් තුවාල නිසා</b>

01:17:18,000 --> 01:17:26,000
<b>පුතා දකිද්දී දරා ගන්න බැරිවුණා</b>

01:17:26,100 --> 01:17:32,000
<b>ඔහු පිළිස්සිලා
- හොඳටම පිළිස්සිලා</b>

01:17:34,000 --> 01:17:37,000
<b>ඒ දේවල් මතක් වෙද්දි දුකයි</b>

01:17:40,646 --> 01:17:44,558
අකිරා යෞවන කාලය පුරා 
හුඟක් දුක් වේදනා වින්දා

01:17:44,658 --> 01:17:47,391
තුවාල නිසා මියයද්දී අවුරුදු 21 යි

01:17:54,357 --> 01:17:58,101
ඔකනාවා දූපතේ අනතුරු බහුලයි

01:17:58,201 --> 01:18:03,726
ඇමරිකන් හමුදා ගුවන් යානා
44 ක් අනතුරට ලක්වී තිබෙනවා

01:18:04,003 --> 01:18:08,657
අලුත්ම තර්ජනය දෙමුහුන්
ඔස්ප්‍රේ ගුවන් යානා 

01:18:08,757 --> 01:18:11,324
ආරක්ෂිත නෑ අනතුරු බහුලයි

01:18:29,002 --> 01:18:35,078
ආසියාවේ හමුදා කඳවුරු සහ ඒ රටවල
වැසියන් අතරේ සබඳතා බහුලයි

01:18:35,261 --> 01:18:39,078
කාන්තාවන් පැටලුණොත්
හිත් අමනාපකම් නිසැකයි

01:18:49,419 --> 01:18:53,586
ඔකනාවා දූපතේ 1970 දී
කැරැල්ලක් හටගත්තා

01:18:55,094 --> 01:18:59,096
මෝටර් රථවලින් එළියට ඇදල අරන්
ඇමරිකන් සෙබළුන්ට පහර දුන්නා

01:18:59,196 --> 01:19:00,800
මෝටර් රථ ගිනිබත් කළා

01:19:03,900 --> 01:19:08,089
වොෂින්ටනය සහ ඔවුන්ගේ 
ටෝකියෝ මිතුරා ...

01:19:08,189 --> 01:19:11,922
මෙවැනි විරෝධතා හට ගන්නවාට බයයි

01:19:17,473 --> 01:19:23,649
මේ චිත්‍රපටය නිර්මාණය කරමින් සිටියදී 
තරුණියක දූෂණයට ලක්වුණා; මරා දැමුණා

01:19:23,749 --> 01:19:27,741
චෝදනා එල්ල වුණේ ඇමරිකන්
හමුදා කොන්ත්‍රාත්කරුවකුට

01:19:31,636 --> 01:19:35,811
එවැනි අපරාධ දහස් ගණනක් සිදුවෙලා

01:19:35,911 --> 01:19:40,037
විරෝධය පළ කරමින් ජනතාව වීදි බැස්සා

01:19:40,137 --> 01:19:44,233
විදෙස් හමුදා එපා කියමින් 
ජපන් රජයට බල කරමින්

01:19:51,974 --> 01:19:58,683
මේ ‘මේස්’ මිසයිලයක්
යුද ශීර්ෂයක් රැගෙන යා හැකි

01:19:58,783 --> 01:20:04,010
නිරවි යුද්ධයේදී, ඇමරිකාව 
රහසේ න්‍යෂ්ටික අවි ස්ථානගත කළා 

01:20:04,101 --> 01:20:06,601
ඔකනාවා දූපතේ මිසයිල අංගනවල

01:20:08,908 --> 01:20:12,658
ඒවායින් වැඩි ප්‍රමාණයක්
ඉලක්ක කෙරුණේ චීනය

01:20:17,029 --> 01:20:20,148
අද ඒ න්‍යෂ්ටික මිසයිල අංගනය

01:20:20,248 --> 01:20:26,648
'සෝකා ගොකායි’ බෞද්ධ පදනම 
යටතේ, සාම කෞතුකාගාරයක්

01:20:26,748 --> 01:20:33,286
1962 දී, ඒ න්‍යෂ්ටික මිසයිල ...

01:20:33,386 --> 01:20:35,053
විදින්න ඔන්න මෙන්න තිබුණා

01:20:37,112 --> 01:20:38,302
විදින්න ඔන්න මෙන්න?

01:20:38,402 --> 01:20:42,708
කඳවුරේ හමුදා නිලධාරීන්ට අනුව ... 

01:20:42,808 --> 01:20:46,641
මුලින් නියෝගය ආවා
මිසයිලවලින් පහර දෙන්න

01:20:46,700 --> 01:20:51,245
ඊට පස්සේ දෙවැනි නියෝගය
ආවා පහර දෙන්න එපා කියමින්

01:20:51,300 --> 01:20:58,895
‘​මේස්’ මිසයිලවලින් පහරදීම්
කිරීමට පැවරුණු සෙබළකු කීවා ...

01:20:58,995 --> 01:21:06,435
චීනයත් ඉලක්කයක් වුණු බව
කියුබන් මිසයිල අර්බුදයේදී

01:21:06,635 --> 01:21:11,435
සියලුම මිසයිලවලින් පහර 
දෙන්නැයි අපට අණ ලැබුණා

01:21:11,535 --> 01:21:15,284
ඒත් රුසියාවට එල්ල කර 
තිබුණේ එක් මිසයිලයයි

01:21:15,384 --> 01:21:18,191
අනෙක් රටවලට මිසයිල විඳින්නේ
ඇයිදැයි අපට ප්‍රශ්නයක් වුණා

01:21:18,291 --> 01:21:23,167
අණ දෙන නිලධාරියා කීවා මිසයිල 
අංගනයේ දොරටු කඩා විවර කරන්න

01:21:23,267 --> 01:21:29,572
ඒ, මිසයිල විඳීම ඉක්මන් කරන්න

01:21:33,210 --> 01:21:37,373
මිසයිල විඳින්න සියල්ල සූදානම්

01:21:37,473 --> 01:21:42,045
එවෙලේ රාජකාරි බාර 
නිලධාරියාට සැකයක් මතුවුණා

01:21:42,145 --> 01:21:46,554
ඒ නිලධාරියා සෙබළුන් 
දෙදෙනකු සමඟ ආවා ...

01:21:46,654 --> 01:21:52,444
මිසයිල යැවුවොත් වෙඩි තියනවා කීවා
අප මොකවත් නොකර බලන් හිටියා

01:21:53,296 --> 01:21:59,898
තත්ත්පර 15 ක්, 20 ක් බලන් හිටියා
ප්‍රධාන මැදිරියෙන් පණිවුඩ එනකල්

01:21:59,998 --> 01:22:03,787
සොල්දාදුවන් දෙදෙනා අපට 
තුවක්කු දිගු කරගෙනයි හිටියේ

01:22:03,787 --> 01:22:07,037
තීරණයක් ගන්නා තුරු

01:22:10,157 --> 01:22:13,279
තත්ත්පර දෙක තුනක් යද්දී

01:22:13,379 --> 01:22:16,850
කලබල වුණු මේජර්වරයකුගෙන් 
ආවා ඇමතුමක්

01:22:16,950 --> 01:22:20,367
මිසයිල විදින්න එපා කීවා

01:22:22,591 --> 01:22:26,758
අපි එකිනෙකාගේ මූණු බලා ගත්තා

01:22:27,925 --> 01:22:32,592
එදා අපි අතින් ලෝකය
විනාශ​ වෙන්න ඉඩ තිබුණා

01:22:34,441 --> 01:22:37,010
මේජර්වරයා
මිසයිල යවන්න අණ දුන් 

01:22:37,110 --> 01:22:42,055
වැඩි සද්ද බද්ද නැතිව 
ගුවන් හමුදාවෙන් නෙරපුවා

01:22:43,591 --> 01:22:48,738
එදා සිදුවීම මට 
ඊයේ වුණා වගේ මතකයි

01:22:48,838 --> 01:22:50,886
අවුරුදු 53 කට කලින්

01:22:50,986 --> 01:22:58,713
එදා අහස ලස්සන නිල් පාටයි
වලාකුළු වැඩිය නෑ හුළං හැමුවා

01:22:58,813 --> 01:23:01,435
උණුසුම් කාලගුණයක් තිබුණේ

01:23:01,535 --> 01:23:07,000
ගතට හරිම සුවදායී බවක් දැණුනා
අපි සිටියේ සුන්දරත්වය විඳ ගනිමින් 

01:23:07,100 --> 01:23:12,851
මුහුද, ගොඩබිම හරිම සුන්දරයි

01:23:14,774 --> 01:23:23,841
මෙන්න මේ නගරවලට තමයි
‘මේස්’ මිසයිල ඉලක්ක කෙරුණේ

01:23:25,954 --> 01:23:28,204
මොනවද මේ නගර?

01:23:29,067 --> 01:23:36,126
ඔකනාවා දුපතේ සිට 
කිලෝ මීටර් 2000 ක් දුරින්

01:23:36,126 --> 01:23:44,500 
මෙන්න තියෙනවා බෙයිජීං අගනුවර
ෂියැං, ජියුකේ, හොංකොං, ෂැංග්හායි

01:23:44,681  --> 01:23:49,900
තායිවානයේ තායිපේ සහ 
උතුරු කොරියාවේ ප්යොංයැං

01:23:50,665 --> 01:23:54,998
සියලු නගර මිසයිල 
විදිය හැකි පරාසයේ

01:24:31,000 --> 01:24:35,609
මේ ​ඔකනාවා මූර්ති ශිල්පී 
කිංජෝ මිනෝරුගේ නිර්මාණ

01:24:35,709 --> 01:24:43,081
උපහාරයක්, දුක් ​වේදනා විදින
දූපත්වාසීන්ට සහ ඔවුන්ගේ විරෝධයට

01:25:06,593 --> 01:25:12,760
සැතපුම් 1000 ක් ඈතින් තියෙනවා
කොරියාවට අයත් ජේජු දූපත

01:25:12,898 --> 01:25:16,813
එහි වැසියන් පවා සමාන 
ආකාරයේ අරගලයක නියැළෙනවා

01:25:16,913 --> 01:25:21,054
මේ කොරියන් මූර්ති ශිල්පී 
කෝ ගිල්-චුන් ගේ නිර්මාණ

01:25:21,154 --> 01:25:25,221
සටනක් නිරූපණය කරනවා
නිදහස ඉල්ලන දූපත්වාසීන්ගේ

01:25:36,000 --> 01:25:39,843
අර්ධ නිවර්තන අභය භූමියක්
අසාමාන්‍ය සුන්දරත්වයක් හිමි

01:25:39,943 --> 01:25:43,298
ජේජු දූපත ලෝක උරුමයක්

01:25:43,398 --> 01:25:50,844
දකුණු කොරියානු රජය එය 
සාමයේ දූපත ලෙස හඳුන්වනවා

01:25:55,898 --> 01:25:58,726
මේ සාම දූපතේ ඉදි කර තිබෙනවා

01:25:58,826 --> 01:26:03,219
ලෝකයේ ප්‍රබලතම හමුදා කඳවුරක්

01:26:03,319 --> 01:26:06,152
ෂැංග්හායි සිට සැතපුම් 
400 කට වඩා අඩු දුරින්

01:26:11,508 --> 01:26:14,601
ඔකනාවා සහ මාෂල් දූපත් වගේ

01:26:14,701 --> 01:26:19,565
මෙයත්, ඇමරිකාවේ ආසියාවට
පිවිසුම් ස්ථානයක්

01:26:22,532 --> 01:26:28,870
ගැංජංග් සුන්දර ගම්මානයේ
දකුණු කොරියාව කඳවුරක් ඉදිකරලා

01:26:28,970 --> 01:26:34,330
ඇමරිකන් ප්‍රහාරක යානා, න්‍යෂ්‍ටික 
සබ්මැරීන සහ ප්‍රහාරක යුද නැව් සඳහා

01:26:34,430 --> 01:26:38,068
'ඊජස්'  බැලැස්ටික 
මිසයිලවලින් සන්නද්ධ

01:26:38,168 --> 01:26:41,235
චීන හමුදා ඉලක්ක කර ගනිමින්

01:26:43,817 --> 01:26:49,676‍
චීනයේ ජීව නාලිය තෙල්,
වෙළඳාම සහ සම්පත්

01:26:49,776 --> 01:26:53,936
ලොව පුරා හුවමාරු වෙන්නේ
කලාපයේ නාවික මාර්ග ඔස්සේ 

01:26:56,365 --> 01:27:01,341
නැව් මාර්ග අවහිර කිරීම
චීනයට කරන ලොකු තර්ජනයක්

01:27:01,441 --> 01:27:06,723
තුවක්කුවක් ඔළුවට තියලා
තර්ජනය කිරීමක් හා සමානයි

01:27:06,823 --> 01:27:15,141
වෙළෙඳ කටයුතු අවහිර
කරනවා යැයි තර්ජනය කිරීමක්

01:27:30,580 --> 01:27:36,010
අවුරුදු 9 ක් පුරා, හැමදාම
මේ කතෝලික පූජකවරුන්

01:27:36,110 --> 01:27:42,128
දේව මෙහෙය පවත්වනවා
හමුදා කඳවුර අවහිර කරමින්‍

01:27:53,831 --> 01:28:01,897
ඔවුන් විරෝධතා කරන්නේ 
ආගමේ නාමයෙන්

01:28:01,997 --> 01:28:06,494
ඒක විරෝධතා පැවැත්වීමේ
අලුත් උපක්‍රමයක්

01:28:25,596 --> 01:28:29,610
මූන් ජොං හූන් පියතුමා
සටන මෙහෙයවනවා ....

01:28:29,710 --> 01:28:32,610
හමුදා කඳවුරට එරෙහිව

01:28:34,364 --> 01:28:38,031
ඔහු කීප වරක් දරුණු
පහර කෑමට ලක්වුණා

01:28:59,575 --> 01:29:02,332
මම දිනකට ගීතිකා 
හතරක් ගායනා කරනවා

01:29:02,432 --> 01:29:07,342
දේව පූජාව පැවැත් වෙද්දී
සහ අවසන් වෙද්දී

01:29:10,096 --> 01:29:14,690
ගීතිකාවල අන්තර්ගතය, 
අපේ විරෝධය

01:29:14,790 --> 01:29:20,031
ලියා දුන්නේ සහ සංගීතවත් කළේ 
දූපත් වැසියෙක්, ඔහු මට ලෙන්ගතුයි

01:29:20,131 --> 01:29:24,734
ඔහු නිරන්තරයෙන් 
මට ගීත ලියා දෙනවා

01:29:24,734 --> 01:29:32,284
පුහුණුවීම්වලින් පසුව 
දැන් මම හොඳ ගායකයෙක්

01:29:32,384 --> 01:29:36,378
ගායනා කරන්නේ ලොකු භක්තියකින්

01:29:44,365 --> 01:29:46,767
අපි බලන් ඉන්නවා ...

01:29:46,867 --> 01:29:50,313
ප්‍රචණ්ඩ කුණාටුවක් ඇවිල්ලා
කඳවුර විනාශ කර දමන තුරු

01:29:50,413 --> 01:29:57,205
කුණාටුව මැද දේව පූජා පවත්වනවා
- අපොයි ඔව්, බාධාවක් නෑ

01:29:59,474 --> 01:30:04,738
කඳවුරේ මෙහෙයුම් ආරම්භ 
කළාම මොකද වෙන්නේ?

01:30:04,838 --> 01:30:09,833
මුලින් පරිසරය විනාශ කරාවි
අපේ ජීවිත විනාශ කරාවි

01:30:09,933 --> 01:30:16,530
ඒ භීෂණයට අපි සාක්ෂිකරුවන්
- ඇයි ඔවුන් එහෙම කරන්නේ?

01:30:16,630 --> 01:30:21,176
ඔවුන්ට ඕනෑ පැසිෆික් කලාපයේ සහ
හැමතැනම ඔවුන්ගේ බලය පතුරුවන්න

01:30:21,276 --> 01:30:25,359
චීනය ලොවෙන් හුදෙකලා කරන්න

01:30:27,276 --> 01:30:32,443
ඇමරිකන් රජයට ඕනෑ 
ලෝකයේ අධිරාජ්‍යයා වෙන්න

01:30:37,175 --> 01:30:41,032
මේ අතරේ සුළු ක්‍රිස්තියානි 
පූජක ඕ මහත්මයා ...

01:30:41,132 --> 01:30:43,391
විරෝධතා පවත්වන්නේ
ඔහුට ආවේණික ක්‍රමයකට

01:30:43,491 --> 01:30:48,158
සමාජ ක්‍රියාකාරිනියක් ඔහුට හවුල්
ඇය හඳුන්වන්නේ ‘කැළෑ මල’ නමින්

01:30:52,158 --> 01:30:58,158
<b>ඕ මහත්මයා පාරේ දණ ගසනවා</b>

01:30:58,258 --> 01:31:03,158
<b>රියදුරන්ට ඔහු පේන්නේ නෑ</b>

01:31:03,258 --> 01:31:08,158
<b>මම ඉන්නේ ඔහුගේ ආරක්ෂාවට</b>

01:31:08,258 --> 01:31:13,158
<b>මෝටර් රථවලින් ආරක්ෂා කරනවා</b>

01:31:15,158 --> 01:31:19,158
<b>මම මැහුම් ගෙතුම් කරනවා</b>

01:31:19,258 --> 01:31:26,158
<b>සිත එකඟ කර ගැනීමක්</b>

01:31:31,258 --> 01:31:36,158
<b>කඳවුර යුද මධ්‍යස්ථානයක්</b>

01:31:36,258 --> 01:31:40,158
<b>තවත් කඳවුරු තියෙනවා</b>

01:31:40,258 --> 01:31:47,158
<b>කොරියන් අර්ධ ද්වීපයේ</b>

01:31:47,258 --> 01:31:55,158
<b>ඒවා ජේජු කඳවුරට සම්බන්ධයි</b>

01:31:55,358 --> 01:32:05,158
<b>චීනය ඉලක්ක කරගෙන</b>

01:32:05,258 --> 01:32:09,158
<b>චීනය සමඟ ගැටුම් ඇතිවේවි</b>

01:32:09,358 --> 01:32:15,158
<b>නැගෙනහිර ආසියානු
කලාපයේ සාමයට තර්ජනයක්</b>

01:32:31,365 --> 01:32:36,732
අධිරාජ්‍යයක් යැයි නොකියන
අධිරාජ්‍යයක කේන්ද්‍රස්ථානය

01:32:36,832 --> 01:32:43,445
සිතියමෙන් ඔවුන්ගේ හමුදා 
බලය පෙන්නුම් කරනවා

01:32:48,599 --> 01:32:51,896
හමුදා කඳවුරු 4,000 ක්
ඇමරිකාව තුළ 

01:32:51,996 --> 01:32:55,896
අනෙක් මහද්වීප පුරා 
කඳවුරු 1,000 ක්

01:32:59,994 --> 01:33:04,106
ලෝකය පුරා අපේ හමුදා කඳවුරු 

01:33:04,106 --> 01:33:08,273
ඇමරිකානු ආධිපත්‍යය
රහසේ ව්‍යාප්ත කිරීමක්

01:33:09,125 --> 01:33:12,835
මිත්‍රශීලී රටවල් සමඟ සහයෝගයෙන්

01:33:12,935 --> 01:33:16,852
ජපානය, දකුණු කොරියාව, ජර්මනිය

01:33:16,965 --> 01:33:20,355
විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන්
ඔවුන්ට තනිවම තීරණ ගන්න බෑ

01:33:20,455 --> 01:33:27,404
ඉතා සංකීර්ණ, ඵලදායී පද්ධතියක්
අපට සෑහීමකට පත්විය හැකි විදියේ

01:33:27,504 --> 01:33:31,587
හැකිවුණා ප්‍රජාතන්ත්‍රවාදය 
ස්ථාපිත කරන්න

01:33:31,638 --> 01:33:35,524
ජර්මනියේ, දකුණු කොරියාවේ 
සහ තවත් රටවල් බොහොමයක

01:33:35,624 --> 01:33:41,345
පූර්ණ නිදහස තිබුණා නම්, මේ රටවල්
මොනවා කරාවිද ඇත්තටම දන්නේ නෑ

01:33:41,545 --> 01:33:46,249
ඒ රටවල බොහෝ දෙනා
ඒ ගැන තැනීමක් කරන්නේ නෑ

01:33:46,449 --> 01:33:51,216
ඇමරිකන් සෙබළු 50,000 ක් සිටීම
සාමාන්‍ය දෙයක් යැයි ඔවුන් සිතනවා

01:33:51,216 --> 01:33:57,790
අධිරාජ්‍යයට එරෙහි අධිරාජ්‍යයා
ඇමරිකා එක්සත් ජනපදයයි

01:33:57,890 --> 01:34:02,888
හැබැයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වගේ 
බලය පෙන්වන්න යන්නේ නෑ

01:34:03,121 --> 01:34:08,604
ලෝකයේ හැමතැනම අප ඉන්නවා
අපට ඇත්තේ ගෝලීය ප්‍රතිපත්තියක්

01:34:08,804 --> 01:34:13,055
හැම රටකටම ගෝලීය 
අයිතීන් තිබෙනවා

01:34:13,581 --> 01:34:17,095
කිසිම සාගරයක 
ආධිපත්‍යය පතුරුවා නෑ

01:34:17,195 --> 01:34:21,362
ඇමරිකාව පැසිෆික් සාගරයේ
ආධිපත්‍යය පතුරුවන විදියට

01:34:21,462 --> 01:34:25,264
මෙහෙයවන්නේ, පර්ල් වරායේ
හමුදා මූලස්ථානයේ සිට

01:34:25,364 --> 01:34:33,586
පෘථිවි මතුපිට සියයට 52 ක 
ප්‍රමාණයක වගකීම ඔවුන් සතුයි

01:34:33,686 --> 01:34:36,312
ඔවුන්ගේ ලාංඡනය දෙස බැලුවොත්

01:34:36,412 --> 01:34:39,260
රාජාලියෙකු ඉන්නවා
ඇලූෂන් දූපත්වලට ඉහළින්

01:34:39,360 --> 01:34:45,509
වල්ගයේ කොටසක් සියැටල් ඉහළින්
අනෙක් කොටස බෙයිජීංවලට ඉහළින්

01:34:45,609 --> 01:34:52,632
චීනයට දකින්න ලැබෙනවා
ඇමරිකන් හමුදා ජාලයක්

01:34:52,732 --> 01:34:55,396
කොරියන් යුද්ධයෙන් 
පසු ගොඩනැගුණු

01:34:55,496 --> 01:35:03,323
ආරුක්කු හැඩැති කඳවුරු 
ඕස්ට්‍රේලියාවෙන් ඇරැඹුණා

01:35:03,423 --> 01:35:09,518
ඕස්ට්‍රේලියාවේ අපේ කඳවුරු නෑ
- පයින් ගැප්, ඩාවින් නුවර

01:35:09,618 --> 01:35:13,064
අලුත් කඳවුරක් බටහිර 
ඕස්ට්‍රේලියාවේ ඉදිවෙනවා

01:35:13,164 --> 01:35:16,334
හමුදා කඳවුරු ඕස්ට්‍රේලියාවේ නෑ

01:35:16,434 --> 01:35:23,501
ඕස්ට්‍රේලියා කඳවුරු ඇතුළේ 
අපේ කටයුතු කරගෙන යනවා

01:35:23,949 --> 01:35:29,782
දැන් අපි කඳවුරු පිහිටුවීමේ 
කටයුතුවල යෙදෙන්නේ නෑ

01:35:31,875 --> 01:35:36,752
කඳවුරු නම් කර තියෙන්නේ
‘ලිලිපෑඩ්’ කඳවුරු යනුවෙන්

01:35:36,852 --> 01:35:44,549
සෙබළු 300 ක් පමණ ඉන්නවා
පවුලේ සාමාජිකයන් කවුරුවත් නෑ

01:35:44,649 --> 01:35:48,537
ඔවුන්ගේ වැඩ රහසිගතයි,
මෙවැනි කඳවුරු නිතර ඉදිවෙනවා 

01:35:48,637 --> 01:35:52,205
විදෙස්  රටක කඳවුරකට මුවා වෙමින්

01:35:52,305 --> 01:35:56,279
හමුදා කඳවුරු ලෙස නම් කෙරෙන්නේ නෑ

01:35:56,379 --> 01:35:59,360
මේ කඳවුරු ඉදි කර ඇත්තේ ...

01:35:59,460 --> 01:36:02,277
ගෝලීය ආර්ථිකයට චීනයෙන් 
එල්ල වන බලපෑම පිටුදැකීමට

01:36:05,675 --> 01:36:10,389
මේ කඳවුරුවල සිට ඇමරිකාව 
රහස් හමුදාවක් ක්‍රියාත්මක කරනවා

01:36:10,489 --> 01:36:13,906
රටවල් 147 ක

01:36:14,688 --> 01:36:18,791
නිදහස් රටක් ලෙස පැවැතීම හොඳයි
මැර පාලනයකට ඉඩ දෙනවාට වඩා

01:36:18,891 --> 01:36:20,617
ඒ සඳහා අවදානමක් ගන්න වෙනවා

01:36:20,717 --> 01:36:26,651
මැර දේශපාලනඥයන්ට ඕනෑ
යහපත් මිනිසුන් විනාශ කරන්න

01:36:26,751 --> 01:36:31,435
චීනයට ඕනෑ නැගෙනහිර 
කලාපයේ බලය ස්ථාපිත කරන්න

01:36:31,535 --> 01:36:34,354
දෙවැනි ලෝක යුද්ධයට පෙර 
ජපානය කළා වගේ

01:36:34,454 --> 01:36:37,043
ඔවුන්ට ඕනෑ කලාපයේ 
ආධිපත්‍ය පවත්වා ගන්න

01:36:37,143 --> 01:36:41,210
අද චීනයේ දේශපාලන 
ප්‍රතිසංස්කරණ නැති නිසා

01:36:41,310 --> 01:36:47,320
ඔවුන්ට ඕනෑ මේ ලෝකයෙන්
වැඩි කොටසක බලය අල්ලන්න

01:36:47,420 --> 01:36:49,509
ඇන්ඩෲ කුපෙනිවිච් ...

01:36:49,609 --> 01:36:52,043
ඇමරිකාවේ ජාතික ආරක්ෂක 
මණ්ඩලයේ හිටපු සාමාජිකයෙක්

01:36:52,143 --> 01:36:56,089
හමුදා උපායමාර්ගික 
යුද සැලසුම්කරුවෙක්

01:36:56,189 --> 01:37:03,046
චීනයට දඬුවම් කරන ආකාරය
පිළිබඳ සැලැස්මක් ඔබ සතුයි

01:37:03,146 --> 01:37:08,898
සාගරයේ බෝම්බ රඳවන්න
ඕනෑ යැයි ඔබ පෙන්වා දුන්නා

01:37:08,998 --> 01:37:11,526
විශේෂ බලකා සීරුවෙන්
තබන්නැයි උපදෙස් දුන්නා

01:37:11,626 --> 01:37:15,793
ඇමරිකන් සොල්දාදුවන් රඳවමින්
දූපත්වල මිසයිල ස්ථාගත කිරීම ...

01:37:15,993 --> 01:37:19,774
යුද්ධයකට සුදානම්වීමක් නොවේද?

01:37:19,774 --> 01:37:22,163
අපේ පළමු ජනාධිපති 
ජෝර්ජ් වොෂින්ටන් කීවා ...

01:37:22,263 --> 01:37:25,180
සාමය ඕනෑ නම් 
යුද්ධයට සූදානම් වෙන්න

01:37:25,280 --> 01:37:28,651
මූලික වශයෙන්
ඇමරිකාව යළිත් කරන්නේ ...

01:37:28,651 --> 01:37:32,818
චීනයේ ප්‍රකෝපකාරී 
ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්වීමයි

01:37:33,677 --> 01:37:36,292
නිරවි යුද්ධයේ දී අප කළා වගේ ...

01:37:36,292 --> 01:37:40,459
යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීමයි අරමුණ

01:37:41,983 --> 01:37:44,875
එවිට ඔබේ ප්‍රතිවාදීන් පෙලඹෙනවා ...

01:37:44,975 --> 01:37:48,800
ප්‍රචණ්ඩකාරී නොවී වැඩ කරන්න

01:37:48,900 --> 01:37:53,590
ඇමෙරිකන් නාවික හමුදාව
මිසයිල සන්නද්ධ යුද නැවක් යැව්වා

01:37:53,690 --> 01:37:58,423
ස්පාර්ට්ලි දූපතට දකුණු චීන මුහුදේ

01:37:59,176 --> 01:38:05,682
එම අවස්ථාවේ චීන ප්‍රහාරක 
ජෙට් යානා සීරුවෙන් තැබුණා

01:38:05,782 --> 01:38:08,345
ඒක අර්බුදය දුරදිග යෑමක් නොවේද?

01:38:08,445 --> 01:38:12,828
ඇමරිකාව පැත්තෙන් බලද්දී 
අර්බුදය දුරදිග යන්නේ ...

01:38:12,928 --> 01:38:16,166
චීනය මතභේදාත්මක දූපත්වල
හමුදා බලය තහවුරු කරගනිද්දී

01:38:16,166 --> 01:38:20,392
ඔවුන් කරන්නේ කලාපයේ
හමුදා ශක්තිය ප්‍රදර්ශනයක්

01:38:20,392 --> 01:38:26,304
ප්‍රකෝපකාරී හැසිරීමට විරුද්ධව
වාණිජ කටයුතු සහ හමුදා බලය

01:38:27,481 --> 01:38:31,240
කලාපීය කුඩා රටවල් ඉන්නවා
ඔවුන් දූපත්වලට අයිතිය ඉල්ලන

01:38:31,340 --> 01:38:34,864
බිය ගැන්වීම් කරන්නේ චීනය

01:38:34,864 --> 01:38:40,839
වාණිජ බිය ගැන්වීමක් වෙන්නේ
කොහොමද දකුණු චීන මුහුදේ?

01:38:40,939 --> 01:38:44,096
හමුදා බලඇණි නෑ
හමුදා කඳවුරු නෑ

01:38:44,196 --> 01:38:48,600
ඇමරිකන් හමුදා කඳවුරු හැර
- දකුණු චීන මුහුදේ නෑ

01:38:48,600 --> 01:38:52,578
පිලිපීනයෙන් පවා ඇමරිකාව
හමුදා ඉවත් කර ගත්තා

01:38:52,678 --> 01:38:55,508
ඒත් ඇමරිකාව ආයෙත් 
පිලිපීනයේ හමුදා රැඳවීමක් කළා

01:38:55,608 --> 01:39:00,557
පිලිපීනය මෙන්ම ඇමරිකාව 
පවසා තිබෙනවා

01:39:00,657 --> 01:39:06,140
පිලිපීනයේ ස්ථාන පහක
ඇමරිකන් සෙබළු රඳවන බව

01:39:06,140 --> 01:39:12,789
චීනය තර්ජනයක් කියමින්,
චීනයේ දොරකඩ ඇමරිකන් කඳවුරු 

01:39:12,789 --> 01:39:16,036
ඒත් ජාත්‍යන්තර නඩු තීන්දුවක් 
ලබා දී තිබෙන්නේ චීනයට එරෙහිව

01:39:16,136 --> 01:39:22,203
දකුණු චීන මුහුදේ චීනය අයිතිය ඉල්ලන
මතභේදාත්මක දූපත් සම්බන්ධයෙන්

01:39:23,168 --> 01:39:28,000
2015 දී ඇමරිකන් නාවික හමුදාව
නාවික අවහිර කිරීමක් පුහුණු වුණා

01:39:28,210 --> 01:39:33,298
තෙල් සහ වෙළෙඳ කටයුතු
අඩපණ කළ හැකි ආකාරයට

01:39:34,629 --> 01:39:39,379
ගැටුමක් ඇතිවීමේ අන්තරාය 
දිනෙන් දින වර්ධනය වෙනවා

01:39:40,762 --> 01:39:44,832
ඇමරිකන් නාවික හමුදාව 
චීනයේ දොරකඩට ඇවිල්ලා

01:39:44,932 --> 01:39:47,385
මතභේදාත්සක දූපත් නිසා 
අර්බුදයක් තිබුණත්

01:39:47,485 --> 01:39:54,949
නැව්, ගුවන් යානා සහ හමුදා
චීනයේ දොරකොඩට ඇවිල්ලා

01:39:54,949 --> 01:40:00,265
චීන නැව් ඇමරිකාවේ
කැලි​​ෆෝනියාවට ආවොත්?

01:40:00,365 --> 01:40:08,391
ඒක අපි නිතරම අහන ප්‍රශ්නයක්
ප්‍රතිවාදියාගේ කෝණයෙන් බලන්න ඕනෑ

01:40:09,406 --> 01:40:14,452
අප පැසිෆික් සාගරයේ
බලය පවත්වා ගන්නේ නෑ

01:40:14,652 --> 01:40:20,033
චීනය බය කරන්න හෝ
සීමා කරන්න හදන්නේ නෑ

01:40:20,133 --> 01:40:24,405
අපේ මෙහෙයුම් සහ 
අප කලාපයේ රැඳී සිටීම 

01:40:24,605 --> 01:40:28,722
හුඟක් රටවලට 
ඒක ප්‍රශ්නයක් නොවේ

01:40:28,822 --> 01:40:34,527
ඒ වගේමයි චීනයත් ඒක 
ප්‍රශ්නයක් කරගෙන නෑ

01:40:34,627 --> 01:40:38,787
ඇත්තටම චීනය ඒක 
පිළිඅරන් ද තියෙන්නේ?

01:40:38,887 --> 01:40:41,209
ඔව්, එහෙම කියන්නේ ඔවුන්

01:40:41,309 --> 01:40:46,436
මට හිතෙන්නේ ඔවුන් බයවෙලා

01:40:46,536 --> 01:40:52,487
බය වෙන්නේ මේ නිසයි
චීනය වටේ හමුදා කඳවුරු

01:40:57,305 --> 01:41:01,305
මිසයිල, බෝම්බ යානා, 
ඩ්‍රෝන සහ යුද නැව්

01:41:02,355 --> 01:41:04,105
ඒක යුද්ධයකට පොලඹවා ගැනීමක් 

01:41:07,343 --> 01:41:11,810
මම බොහොම පැහැදිලිව සහ
විශ්වාසයෙන් කියන්න කැමැතියි ...

01:41:11,910 --> 01:41:15,317
සාමය සහ ආරක්ෂාව වෙනුවෙන්
ඇමරිකාව කැපවී සිටිනවා 

01:41:15,417 --> 01:41:17,896
න්‍යෂ්ටික අවි නැති 
ලෝකයක් වෙනුවෙන්

01:41:20,634 --> 01:41:24,211
ඔබාමා ජනපති ලෙස න්‍යෂ්ටික අවි
වෙනුවෙන් වෙන් කළ මුදල ...

01:41:24,311 --> 01:41:30,225
කිසිම ජනපතිවරයෙක් වෙන් 
කරලා නෑ නිරවි යුද්ධයෙන් පස්සේ 

01:41:30,425 --> 01:41:33,074
ඒක මහ බොරුවක්

01:41:33,174 --> 01:41:38,347
න්‍යෂ්ටික අවිහරණය ගැන කියමින්
ට්‍රිලියන ගණනක් මුදල් යොදවනවා

01:41:38,447 --> 01:41:41,084
ඇමරිකන් න්‍යෂ්ටික 
බලකාය සවිමත් කරනවා

01:41:41,184 --> 01:41:45,285
මිසයිලවලින් රුසියාව 
සහ චීනය වට කළා

01:41:45,385 --> 01:41:50,237
එහෙම කරලා න්‍යෂ්ටික අවි නැති
ලෝකයක් ගැන සිතන්නේ කොහොමද?

01:41:50,437 --> 01:41:54,291
හැමෝටම ඕනෑ තමන්ගේ 
චණ්ඩිකම් පෙන්වන්න

01:41:54,391 --> 01:42:05,040
තර්ජනවලට යටත් වෙන්නේ නෑ
දුබලයකු බව පෙන්වන්නේ නෑ

01:42:05,140 --> 01:42:09,207
ඒ නිසා තර්ජනාත්මක 
ස්වරයකින් කතා කරනවා

01:42:10,000 --> 01:42:13,496
ඒක ඔබට කරන්න බැරිනම් ...

01:42:13,596 --> 01:42:17,376
ලෝකයට හොඳ හිත පෙන්වලා ...

01:42:17,476 --> 01:42:20,876
ඔබ යටතේ සිටින 
කෙනකු ලවා ඒක කරනවා

01:42:20,976 --> 01:42:29,536
ඇමරිකාව කරන්නේ 
හමුදා ශක්තිය ප්‍රදර්ශනයක්

01:42:30,620 --> 01:42:34,608
එකිනෙකාට අවි අමෝරා ගැනීමක්
ඒ සියලු දේ මෙහෙයවන්නේ ඉහළින්

01:42:34,708 --> 01:42:38,775
ඒක හරිම අනතුරුදායකයි

01:42:39,886 --> 01:42:43,423
එහෙම කියන්න බෑ
ඒත් මම එකඟයි

01:42:43,523 --> 01:42:47,697
දිගටම සමූහ ඝාතන සැලැසුම් කරද්දී 
එසේ කරන්න නිරායාසයෙන් හුරුවෙනවා

01:42:47,797 --> 01:42:50,155
මෙතැන වෙන්නෙත් එවැන්නක්
අපි එය පිළිගන්නවා

01:42:50,255 --> 01:42:51,893
අප සතුව න්‍යෂ්ටික අවි තිබෙනවා

01:42:51,993 --> 01:42:54,761
ආරක්ෂක ලේකම් පවසා තිබෙනවා

01:42:54,861 --> 01:43:01,291
යුද නැව්, හමුදා සෙබළු,
ප්‍රහාරක යානා පිලිපීනයට යවනවා

01:43:01,391 --> 01:43:04,292
‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ 
පුවත්පතට අනුව ...

01:43:04,392 --> 01:43:08,359
ඇමරිකාව ඔවුන්ගේ බලය 
උපරිමයෙන් ප්‍රදර්ශනය කිරීමක්

01:43:10,496 --> 01:43:14,569
දකුණු ආසියානු කලාපයේ
- අවසානය කෙසේ වේවිද?

01:43:14,669 --> 01:43:19,671
මේ සියල්ල නවත්වන්න ඕනෑ
යුද්ධයක් හටගන්න කලින්

01:43:19,771 --> 01:43:22,240
යුද්ධයක් හටගත්තොත්
එය කෙසේ අවසන් වේවිද?

01:44:06,889 --> 01:44:10,397
විද්‍යාඥයන් පුරෝකතනය කරනවා

01:44:10,497 --> 01:44:15,662
න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුණොත්
පෘථිවියේ ජීවත් වෙන්න බැරිවේවි

01:44:15,762 --> 01:44:20,410
විද්‍යාඥයන් ඔබාමා
පරිපාලනයෙන් ඉල්ලා සිටියා ...

01:44:20,510 --> 01:44:24,508
සිදුවිය හැකි ව්‍යසනයක
ඵලවිපාක ගැන කතා කරන්න

01:44:24,608 --> 01:44:27,441
ඒත් අවස්ථාවක් ලැබුණේ නෑ

01:44:27,441 --> 01:44:30,889
බලධාරීන් විද්‍යාඥයන්ට කීවා ...

01:44:30,989 -->  01:44:36,303
දිගු කාලීනව පරිසරයට හානියක් 
නොවන බව න්‍යෂ්ටික යුද්ධයකින්

01:44:36,303 --> 01:44:40,722
න්‍යෂ්ටික යුද්ධයකින් පරිසරයට
සිදුවන දිගුකාලීන බලපෑම බිහිසුණුයි

01:44:40,822 --> 01:44:47,661
ඇමරිකාව සහ චීනය අතර 
න්‍යෂ්ටික යුද්ධයක් හටගත්තොත්

01:44:47,761 --> 01:44:50,244
ව්‍යසනය කොතරම් බිහිසුණුද?

01:44:50,300 --> 01:44:56,000
චීනයේ මෙගාටොන් 4 ක හෝ 5 ක
යුද ශීර්ෂයක් සහිත මිසයිලයක් ...

01:44:56,100 --> 01:45:02,273
ඇමරිකන් ආරක්ෂක අංශ පරදා
නගරයකට ඉහළින් පිපිරුණොත්

01:45:02,273 --> 01:45:06,640
වර්ග සැතපුම් 700 ක ප්‍රදේශයක් 
ගිනිගෙන විනාශ වේවි

01:45:07,735 --> 01:45:10,703
මිනිත්තු 20 ක් හෝ 30 ක් යද්දී

01:45:10,803 --> 01:45:13,472
එම ගින්න ගිනි කුණාටුවක් වේවි

01:45:13,572 --> 01:45:17,170
එයින් බේරෙන්න ලැබෙන්නේ නෑ
මිනිසුන් සියලු දෙනා විනාශ වේවි

01:45:17,270 --> 01:45:22,835
ඇමරිකාව ඔවුන්ගේ න්‍යෂ්ටික
අවිවලින් චීනයට පහර දෙයි

01:45:22,935 --> 01:45:27,718
න්‍යෂ්ටික අවි පුපුරද්දී 
නිකුත්වන විෂ දුමාරයෙන් ...

01:45:27,818 --> 01:45:31,239
ටොන් මිලියන ගණනක 
දුම් වළාවක් නිර්මාණය වේවි

01:45:31,339 --> 01:45:37,000
කළු කාබන් දුම්වලා පෘථිවියේ 
අපවර්තී ගෝලය පුරා පැතිරේවි

01:45:37,100 --> 01:45:42,138
විෂ දුම වසර 10 කට වඩා රැඳී පවතීවි

01:45:42,238 --> 01:45:46,817
විෂ දුම් වලාව නිසා හිරු කිරණ 
පොළොවට වැටීම නතර වේවි

01:45:46,917 --> 01:45:50,211
සති ගණනක් යද්දී සීතල 
වැඩිවෙලා, දරාගන්න බැරිවේවි

01:45:50,311 --> 01:45:55,627
උෂ්ණත්වය පහළ යාවි
අවුරුදු තුනක් තිස්සේ

01:45:58,117 --> 01:46:02,967
සීතල නිසා වගා කරන්න බැරිවේවි
අවුරුදු 10 ක් හෝ ඊට වැඩි කාලයක්

01:46:13,248 --> 01:46:16,896
ලෝකය වෙනස් වෙනවා 
හිතාගන්න බැරි විදියට

01:46:16,996 --> 01:46:21,417
නැගී එන බලවතා චීනය

01:46:21,517 --> 01:46:26,756
නැගී එන ලෝක බලවතකු
කාගේවත් කීමට කීකරු නෑ

01:46:26,756 --> 01:46:29,298
මම හිතන්නේ අප කළ යුත්තේ ...

01:46:29,398 --> 01:46:32,465
චීනය සමඟ මිත්‍රත්වයෙන්
සහයෝගයෙන් කටයුතු කිරීමයි

01:46:33,593 --> 01:46:35,495
කොතරම් වෙනස්කම් තිබුණත්

01:46:35,595 --> 01:46:39,887
වෙළෙඳ කටයුතුවලදී ඔවුන්
අප අකමැති දෙයක් කරනවා නම්

01:46:39,987 --> 01:46:43,321
ගැටෙන්නේ නැතිව
විසඳුම් සොයන්න ඕනෑ 

01:46:48,770 --> 01:46:55,506
ලෝකයට යළි පෙන්වන්න ඕනෑ
ඇමරිකාවේ බලවත්කම

01:46:55,606 --> 01:46:59,673
ශක්තිමත් සහ බලවත් වෙනදාට වඩා 

01:47:02,283 --> 01:47:08,507
දැන් අපට විජයග්‍රහණ නෑ
අතීතයේ විජයග්‍රහණ තිබුණා

01:47:08,607 --> 01:47:18,817
අද අපට චීනය පරද්දන්න අමාරුයි
වෙළෙඳ ගනුදෙනුවකදී ඔවුන් ඉදිරියෙන්

01:47:18,917 --> 01:47:24,683
චීනයට ඉඩ දෙන්න බෑ 
අපේ රට දූෂණය කරන්න

01:47:24,783 --> 01:47:28,623
ඔවුන් කරන්නේ ඉතිහාසයේ
ලොකුම සූරා කෑම

01:47:32,000 --> 01:47:37,654
අලුතින් ජනපති ධුරයට පත්වුණු 
ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය සමඟ තරහින්

01:47:37,903 --> 01:47:43,075
ට්‍රම්ප්, චීනය සමඟ ගැටුම් 
ඇතිකර ගන්න උත්සාහ කළා

01:47:43,175 --> 01:47:47,242
මේ චිත්‍රපටයේ නිර්මාණ කටයුතු සිදුවෙද්දී

01:47:50,907 --> 01:47:56,404
චීනය සහ ඇමරිකාව තරම්
නිදහස් බලවත් රටවල් දෙකක් නෑ

01:47:56,504 --> 01:47:59,154
ලෝක ඉතිහාසය පුරාවට 

01:48:01,046 --> 01:48:05,219
ලෝකයේ ලොකුම වාණිජ‍
රට චීනය, ඉතිහාසය පුරා

01:48:05,319 --> 01:48:08,827
චීන ආර්ථිකය, ඔවුන්ගේ සමාජය
ඔවුන්ගේ ජීවිතය ...

01:48:08,927 --> 01:48:11,410
මුළු ලෝකයම සමඟ සම්බන්ධයි

01:48:12,736 --> 01:48:15,365
ඇමරිකාව සහ බටහිර රටවලටත්
සෙසු අනෙක් රටවලටත්

01:48:15,465 --> 01:48:23,547
මේ රටවල්වලට පමණක් නොවෙයි
හැම රටකටම ඕනෑ එකම දේ සාමය

01:48:54,524 --> 01:49:00,163
බොරු කියන, තර්ජන කරන
කිසිවකුට අප බය විය යුතු නෑ

01:49:00,263 --> 01:49:04,580
යුද්ධයෙන් ලැබෙන ලාභය 
සාධාරණීකරණය කරමින් 

01:49:04,645 --> 01:49:08,514
ඊට වඩා සුපිරි බලවතුන් ඉන්නවා

01:49:08,614 --> 01:49:10,424
ඒ තමයි අපි

01:49:10,524 --> 01:49:13,340
සාමාන්‍ය ජනතාව, ලොව පුරා ...

01:49:13,440 --> 01:49:17,492
ඔකනාවා, ජේජු සහ 
මාෂල් දූපත් වැසියන් ...

01:49:17,592 --> 01:49:20,575
චීන සහ ඇමරිකන් වැසියන් ...

01:49:20,675 --> 01:49:24,931
ඔවුන් හඬ අවදි කරන්නේ 
අප කාටත් අනතුරු අඟවමින්

01:49:26,551 --> 01:49:29,384
ඇත්තටම අප නිහඬව සිටීම හරිද?